in

Breaking News : ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් මෙහෙයවීම නැවත ඇන්ජිලෝට

ශ්‍රී ලංකා ජාතික එක්දින කණ්ඩායමේ නායකත්වය සඳහා හිටපු ශ්‍රී ලංකා නායකයා වන ඇන්ජිලෝ මැතිව්ස් පත්කිරීමට ශ්‍රී ලංකා තේරීම් කමිටුව හා ශ්‍රී ලංකා ක්‍රිකට් කමිටුව තීරණය කල බව මීට සුළු මොහොතකට කලින් පැවති මාධ්‍ය සාකච්චාවෙදී සඳහන් කළේය.

අර්බුධ කාරී මට්ටමේ තිබු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ඇන්ජිලෝ මැතිව්ස්ගෙන් ගිලිහි ගියේ ඔහුට විටින් විට ඇතිවූ අබාධතත්ත්ව හේතුවෙනි. ඉන් පසු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දිනේෂ් චන්දිමාල්, ලසිත් මාලිංග, උපුල් තරංග, කපුගෙදර හා තිසර පෙරේරා අතර බෙදී ගියත්, කිසිඳු නායකයෙකු ස්ථාවරත්වයක් හෝ, කණ්ඩායම ජයකරා මෙහෙයවීමට අපොහොසත් විය.

පසුව ශ්‍රී ලංකා කණ්ඩායමට දිගින් දිගට අත්වූ පරාජය හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරතත්වය චන්දික හතුරුසිංහ මහතාට පැවරුන අතර, ඔහුගේ අනුදැනුම මත ශ්‍රී ලංකා කණ්ඩායමේ ස්ථිර නායකයකු ලෙස අද දින ඇන්ජිලෝ මැතිව්ස් නැවත නායක තනතුරට පත්කරන ලදී.

මේ අනුව එළඹෙන බංගලාදේශ – ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම ඇන්ජිලෝ මැතිව්ස්ට බාරවේ. තවද ශ්‍රී ලංකා විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයද ඇන්ජිලෝ මත්විස්ට හිමිවේ.

දුප්පත් මවක් පාරේ වෙලදාම් කරන එක දැකලා තරුණයෙක් කරපු අපුරු දේ…! Respect

මේවට ලංකාවේ නීතියක් නැද්ද ? මෙහෙම ගියොත් විදේශිකයන් ඉස්සරහට ලංකාවට එයිද? (video)