• in

    කලා ලොවේ තරු එකම තැනකට පෑයූ Dialog රිදී රැයක් 2017 සමාරම්භක උත්සවය – Photos

    Dialog රිදී රැයක් 2017 සමාරම්භක උත්සවය අති උත්කර්ෂවත් අන්දමින් ඊයේ (6) සවස කොළඹ හිල්ටන් රෙසිඩන්සීස් හිදී පැවැත්වුණා. ශ්‍රී ලාකීය කළා ක්ෂේත්‍රයේ ඉහළින්ම වැජඹෙන තරු ගොන්නක් මෙම අවස්ථාවට සහභාගී වී සිටි අතර ඔවුන්ගේ අපූර්ව රංගන කුසලතාවන්ටද මෙහිදී හිමිවුණේ ඉහළම ප්‍රතිචාරයක්.
     
    මේ එම අවස්ථාවේ ඡායාරූප එකතුවයි…
     
  • in

    2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය Idea සමූහ ව්‍යපාරයට

    හුස්ම ගන්නත් ගෙවන්න වෙන කාලේ වනාන්තරයක්ම අපට ඉතුරු කල සිවිලිම අංක එක වෙයි

    ශ්‍රී ලංකාව යනු ගසට කොලට ආදරේ මිනිසුන් වෙසෙනා රටක් බව අප අමුතුවෙන් කිව යුතු නැත.වර්තමානයේ ශ්‍රී ලංකාවේ සිදුවන වනාන්තර විනාශයට සාමාන්‍ය ජනතාව දක්වන විරෝධයම එයට කදිම නිදසුනකි.

    අප ඔබට මේ කියන්නට සැරසෙන්නේ තවත් වන විනාශයක් ගැනනම් නොවේ.අප බොහෝ දෙනෙකු නිවසක් හෝ කාර්යාලයක් තැනීමේදී එහි වහලයට ලී සිවිලිමක් යොදා ගන්නේ එහි ඇති අලංකාරය සහ ඇසට ප්‍රියමනාප නිමාව හේතුවෙනි.නමුත් ඒ සදහා අප යොදා ගන්නා ලෑලි හේතුවෙන් අප නොදැනුවත්ම ගස් විශාල ප්‍රමාණයක් අපට අහිමි වනවා.නමුත් මිට වසර 4 කට පමණ පෙර අයිඩියා සමුහ ව්‍යාපාරය මෙරටට හදුන්වා දුන් සිවිලිම නිෂ්පාදන , ලෑලි පෙනුමක් සහිත ආදේශක නිෂ්පාදනයකි.

    එම නිසාම ශ්‍රී ලංකාව තුල ඉතා කෙටි කලකින් සිවිලිම නිෂ්පාදන ජනප්‍රිය වන්නට විය.එහි ජනප්‍රියත්වය කොතරම්ද කිවහොත් සිවිලිම නිෂ්පාදන හේතුවෙන් ගස් විශාල ප්‍රමාණයක් මෙරට මිහි තලය තුල තවදුරටත් අපට සෙවන සලසන්නට වරම් හිමි විය.ඒ ලෑලි ලබා ගැනීමට ගස් විනාශ නොකර ජනතාව සිවිලිම නිෂ්පාදන වෙත යොමු වීමත් සමගය.

    කෙටි කලක් තුල සිවිලිම නිෂ්පාදන සිදුකල මෙම පෙරළියත් සමග 2017 වසරේ විශිෂ්ටතම නවෝත්පාදන වෙළඳ සන්නාමය සඳහා පිරිනැමෙන රන් සම්මානය මෙවර Idea සමූහ ව්‍යපාරයට අයත් සිවිලිම සන්නාමයට හිමි වුණා. ඒ, ශ‍්‍රී ලංකා අළෙවිකරණ ආයතනය මගින් වාර්ෂිකව සංවිධානය කළ SLIM Brand Excellence Awards 2017 සම්මාන උළලේදියි.

    මෙරට ජනප‍්‍රිය නවෝත්පාදන වෙළඳ සන්නාම රැසක සහභාගීත්වයෙන් පැවති මෙම සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේදියි. සිවිලිම ආයතනය වෙනුවෙන් මෙම රන් සම්මානය ගනු ලැබුවේ අයිඩියා සමුහ ව්‍යපාරයේ ප්‍රධාන විධායකය නිලධාරී සම්පත් මායාකඩුව මහතා විසින්ය.

    එම අවස්ථාවේ වීඩියෝව පහතින්,

  • in

    තුන්වට ටෙස්ට් තරඟයෙන් රංගන හේරත්ව ඉවත් කරයි

    ශ්‍රී ලංකා කණ්ඩායමේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක රංගන හේරත්, සිය පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් ඉන්දියාවට එරෙහිව දෙසැම්බර් මස 2 වැනිදා ආරම්භ වන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි නොවන බව වාර්තා වේ. එම ආබාධ තත්ත්වය හේතුවෙන් හේරත් හෙට දිනයේදී (30 වැනිදා) නැවත දිවයින බලා පැමිණීමට නියමිතය.

    හේරත්ගේ ආදේශකයා ලෙස පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩසේ ශ්‍රී ලංකා සංචිතයට කැඳවා ඇති අතර ඔහු තෙවැනි ටෙස්ට් තරගයට සහභාගි කර ගන්නේද පිළිබඳව කණ්ඩායමේ කළමණාකාරීත්වය තවමත් නිශ්චිත ප්‍රකාශයක් කර නොමැත.

    හේරත්ගේ හිඩැස පිරවීම සඳහා ක්‍රිකට් තේරීම් කමිටුවේ පළමු තේරීම වී ඇත්තේ වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මාලින්ද පුෂ්පකුමාර වුවත්, ශාරීරික යෝග්‍යතා පරීක්ෂණයෙන් අසමත් වීම නිසා ඔහුට කණ්ඩායමට එක්වීමේ අවස්ථාව අහිමි වී අත.

    කොල්කටාහිදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී වේග පන්දු යවන්නන්ට වඩාත් උචිත තණතීරු හිමිවීම නිසා ඕවර 8 ක් පමණක් පන්දු යැවූ හේරත්ට, නාග්පූර්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ඕවර 39 ක් යවමින් දවාගත හැකි වූයේ එක් කඩුල්ලක් පමණි. එහෙත් පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේදී පිතිකරුවකු ලෙස වඩාත් සාර්ථක වූ ඔහු එහිදී වැඩිම ලකුණු ලාභියා බවට පත් වෙමින් ලකුණු 67 ක් රැස්කළේය.

    ඉන්දියාවට එරෙහිව මෙරටදී පැවැති ටෙස්ට් තරගාවලියේ තෙවැනි තරගයද පිට කොන්දේ ආබාධයක් හේතුවෙන් හේරත්ට අහිමි විය. එම ආබාධ තත්ත්වයෙන් සුවය ලබා ඔහු නැවතත් ජාත්‍යන්තර තරග බිමට අවතීර්ණ වූයේ පාකිස්තානයට එරෙහිව එක්සත් අරාබි එමීර්හිදී පැවැති ටෙස්ට් තරගාවලියේදීය.

    තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති වැන්ඩසේ මේ වන විට එක්දින තරග 11 කදී සහ විස්සයි20 තරග 7 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර තිබේ. චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන්ද ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත්ව සිටින බැවින් තෙවැනි ටෙස්ට් තරගයේදී හේරත්ගේ හිඩැස පිරවීමේ අවස්ථාව ඔවුන් දෙදෙනාගෙන් කාට හිමිවේ දැයි මෙතෙක් නිශ්චය වී නැත.

  • in

    කෙන්යාවේ පෙර සූදානම සහ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන ලංකාවේ නොසැලකිලිමත් බව

    සුඩානයේ ඉපදී ඇති සූඩාන් කෙන්යාවේ ol pejeta වනෝද්‍යානයට ගෙන එන්නේ තරුණ කාලයේදීය. සුඩාන් පැය 24 පුරාවටම ආරක්ෂකයින් විසින් ආරක්ෂා කරයි . දඩයම් කරුවන්ගේ වෙඩි පහරවල්වලින් ආරක්ෂා කරගනිමින්, නවීන තාක්ෂණ යොදාගනිමින් , සුඩාන් ආරක්ෂා කරන්නේ එම සත්ව විශේෂයේ අනාගතය වෙනුවෙන් ඇති එකම බලාපොරොත්තුව පමණක් නිසා නොව සුඩාන් එක පසකින් කෙන්යාවට ආඩම්බරයක් නිසාය.

    මේ තමයි ලෝකයේ අවසාන පිරිමි උතුරු සුදු රයිනෝසිරස්. මෙයා තමයි මේ රයිනෝසිරස් උප විශේෂයේ අවසාන බලාපොරොත්තුව, මොකද මෙම පිරිමි රයිනෝසිරස් මියගිය හොත් මෙම රයිනෝසිරස් විශේෂය මේ ලෝකයෙන් නෂ්ඨ වනු නිසැකය.

    දැන් වයස අවුරුදු 43ක් වන සුඩාන් මෙසේ ඔහුගේ ජීවිතයේ අවසාන කාලය දඩයම් කරුවන්ගේ ආරක්ෂාකර රැක බලාගන්නේ කොයි මොහොතේ හෝ මොහුගෙන් පැටියෙකු ලබා ගැනීමේ අරමුණෙනි.

    මේ උතුරු සුදු රයිනෝසිරස් සතුන් වඳවී යාමට ප්‍රධාන හේතුව මොවුන්ගේ අං ලබා ගැනීම සඳහා මොවුන්ව දඩයම් කිරීමයි. නීති විරෝධී වෙළඳපොළවල් හිදී රත්‍රන් වලට වඩා ඉහළ මිළක් රයිනෝසිරස් අං සඳහා හිමිවී තිබීම මෙලෙස ඔවුන්ව දඩයම් කිරීමට හේතුවයි.

    ඒ කෙන්යාවේය.. කෙන්යාවේ එසේ වුවාට ලංකාවේ එසේ වන්නේ නැත. ගල්ගමුවේදී ඇත් දල ජාවාරම්කරුවන් විසින් මරා දමුවයි සැක කරන්නේ සංචාරක ආකර්ශනය් දිනා ගත් ගල්ගමුවේ දල පුට්ටුවාය..

    පරිසර ඇමති රටේ ඉහලම පුටුවෙහි සිටින ,වනජීවී දෙපර්තුමේන්තුවක් පවතින තවත් අදාළ ඇමතිවරු එකී මෙකි නොකී නිලධාරීන් දුසිම් දෙක තුන සිටින රටේ දේශීය විදේශීය සංචාරක ආකර්ශනය දිනා ගත් මෙවැනි සුන්දර සත්වයෙකු මරා දැමීමට ඇත් දල ජාවාරම්
    කරුවන් ප්‍රබල වීම ප්‍රශ්න කල යුතු නොවේද ?

    අද මියයන්නේ අන්තිම ඇතා නොවුවත් අන්තිම ඇතා මරණයට පත් වීමට වැඩි කලක් ගත නොවනු ඇත. අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමා වැඩක් නැත. තවමත් මෙරට ඇතුන් පිළිබඳ DNA දත්ත සටහනක් නැත.

    වසරකට මියයන 250ක් පමණ අලි ඇතුන් වෙනුවෙන් සිදු කරන්නේ පශ්චාත් මරණ පරීක්ෂණ පමණක්ද ?

  • in

    ඇතිවී තිබන අයහපත් කාලගුණය නිසා දේපළ රැසකට අලාභ හානි. නවතම තත්වය මෙන්න (photos)

    ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.

    තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.

    ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත. කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

    හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

    පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍ය‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

    අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “රතු නිවේදනයක්” නිකුත් කර ඇතැයි පැවසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි.

    දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි මෙන්ම විටින් විට හමන තද සුළං පැයකට කි.මී. 70 – 80ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

    දිවයින ආශ්‍රිතව පැවති අවපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එ් නිවේදනයේ සඳහන්.

    මේ හෙතුවෙන් ධීවර ජනතාවට මෙන්ම නාවිකයන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

     

  • in

    ” අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි ” – මුළු බසයටම ආදර්ශයක් වුනු තරුණයා

    ජීවිතයේදී අපිට අමුතුව දේවල් වලට මුහුන දෙන්න සිදුවෙනවා. එසේ මුහුණ දුන් අපූරු සිදුවීමක් ගැන තරුණයෙකු සමාජ මාධ්‍ය ජාලයට එක් කර තිබුනා. මේ කතාව ගැන සමාජ ජාලයේ හැම තැනම වගේ කතා බහට ලක් වෙනවා .

    බසයක ගමන් ගත් මහළු මවක් කොන්දොස්තර වරයෙක් එක්ක ඉතුරු රුපියල ගන්න දරන උත්සහයක් ගැන බසයේ ගමන් ගත් තරුණයෙකු මෙසේ සටහන් කර තිබුනා. ජීවිතයේ අප දකින දේට වඩා සෑම දේකම ගැඹුරු අර්ථයන් තිබෙන බව ඔබට මේ කතාවෙන් වැටහෙනු ඇත ඉතාම සංවේදී වු ඉතුරු රුපියලේ කතාවයි මේ…..

    පොඩි පොදයකුත් තිබුණා.. පාන්දර නිසා සීතලත් එක්ක. අඳුරු පැහැ ගත් පරිසරය කෑම සොයන් යන කුරුල්ලන්ගෙන් වර්ණවත් වෙලා.. ටවුන් එකේනම් සුපුරුදු කාර්‍යබහුලත්වය එහෙමමයි. හෙමින් හෙමින් ගාල්ල බස් නැවතුමට පයින්ම කොටපු මගේ ඇගේ සීතලටම හිරිගඩුත් පිපිලා.. ත්‍රී වීල් එකේ අයියා කෙනෙක් හොරාටම සිගරට් එකක් අදිනවා.. කවදාවත් බුලත් විටක්වත් කාපු නැති මට, මේ හීතලට ඒ සිගරට් එකේ අමුතු ආතල් එකක් ඇති කියලත් හිතුනා.

    මම හිටියේ මාතරට යන්න. ඉක්මනට යන්න ඕන නිසා දුර ටර්න් එකක් ගන්න පාර අයිනට ආවා.. වෙලාවටම මම ආසම ටර්න් එක තියෙනවා. තංගල්ල ත්‍රිකුණාමලය.. ටිකක් සෙනඟ හිටියත් ඉක්මනට යන නිසා ඒක ප්‍රශ්නයක් වුණේ නෑ.

    විනාඩි විස්සක් විතර බසය මාතර දෙසට ඇදුනා.එක තැනකින් අම්මා කෙනෙක් බස් එකට නැග්ගා.. ඒ මනුස්සයා ටිකක් වයසයි. මටනම් අපේ ආච්චි වගේ.. එයා හෙමින් බස් එකට ගොඩ වුණේ.. එයාට නැගගන්න අමාරුයි. ඒ එක්කම ඉස්සරහ දොරටුවෙන් කොන්දොස්තර අයියගේ කටහඬ ඇහුනා.

    “ඉක්මනට නගිනවා මනුස්සයෝ.. පරක්කු වෙනවා” මම හිටියේ පස්සේ ෆුට් බෝර්ඩ් එක ලඟමයි. මම ඒ අම්මගේ අතින් අල්ලලා උඩට නග්ගගත්තා.. ඒ මනුස්සයා හරි දුර්වලයි. මට අතින් ඇල්ලුවම කටු ටිකයි නහර ටිකයි විතරයි අහු වුණේ..

    මොනා වුනත් ඒ මනුස්සයට ශීට් එකක් දෙන්න කෙනෙක් හිටියේ නෑ.. කොන්දොස්තරත් ලඟට ආවා. ඒ අම්මගෙන් ටිකට් ඉල්ලුවා. රු 10 කොලයක් දීලා ටිකට් එකක් ඉල්ලුවා.. කොන්දොස්තරත් ටිකට් එකක් දුන්නා. ඒත් එක්කම අම්මගේ කටහඬ ආයේ අවදි වුණා.

    “පුතේ තව රුපියලක් එන්න ඕන මට. රුපියල් නමයයි නේද ගාන?”
    “මාරු නෑ. ඕනනම් නමයක් දෙන්න මට”
    මම ලඟත් නෑ. මට රුපියල ඕන.. ඒ මනුස්සයා කොන්දොස්තරට ටිකක් තදින් කිව්වා..
    වයසක ගෑණු ඔහොමමයි. මට හිතින්ම කියවුණා. පුදුම තන්හාවක්..
    බස් එකේ එක කාලගෝට්ටියයි. අම්මා රුපියල ඉල්ලනවා. කොන්දොස්තර බනිනවා.. මිනිස්සු හිනා වෙනවා..
    ඒ අතරේ මම ලඟම හිටගෙන ඉඳපු කොන්ඩේ නෝට් කපපු අයියා කෙනෙක් රුපියලක් දෙනවා මේ අම්මට..
    අනේ.. අම්මගේ මූණට හිනාවක් ආවා..

    මේ රුපියල දීපු අයියා ඒ අම්මගෙන් ඇහුවා මොකටද රුපියල කියලා.. ඒ අම්මා කියපු කතාවට තාම මගේ පපුව කීන් ගානවා.
    “මම මේ යන්නේ මගේ මහත්තයා බලන්න පුතේ. එයාට හරියට ඇවිදින්නත් බෑ.මම ඉන්නේ මගේ දුව ලඟ. අපට ඉන්නේ ඒකි විතරයි. තාත්තා ලඟ ගඳයි, අපිරිසිදුයි කියලා මගේ දුව මගේ මහත්තයා ගෙදරට ගන්නේ නෑ.

    එයාව මට බලන්න යන්නත් එපා කියලා තියෙන්නේ.. මම කොහොමද මහත්තයෝ මගේ මිනිහා අත ඇරලා දාලා හුස්ම පොදක් ගන්නේ? එයා ඉන්නේ මේ කිට්ටුව. මම අද උදේට කෑවේ නෑ මහත්තයෝ. ඒක ඔතාගෙන ආවා මගේ මිනිහට. පව් එයා කඩාවැටුන ගෙදරක තනියම විඳවනවා. එයාට අසණීපයි. දුව එයාට රුපියලක්වත් වියදම් කරන්නේ නෑ.

    මට සල්ලි දෙන්නෙත් නෑ එයාට වියදම් කරයි කියලා. මම ලඟ තිබුනේ රුපියල් 18යි මහත්තයෝ. ඒකත් මුණුබුරාට වැඳලා වැඳලා ඉල්ලගත්තේ. මට මේ රුපියල ඉල්ලගත්තේ නැත්නම් මට ආයේ එන්න වෙන්නේ නෑ. එහෙම වුනොත් මගේ මහත්තයට මෙහෙමවත් කෑම වේලක් දෙන්න වෙන්නේ නෑ මට.

    “මම මටම සාප කරගත්තා. මමත් හිතින් මේ අම්මට බැන්නා නේද කියලා..
    ඒ එක්කම අර කොන්ඩේ නෝට් කපපු අයියා පර්ස් එක අරගෙන ගණන් කරලම පන්දාහේ කොල නවයක් අර අම්මගේ අතට දුන්නා.

    “මේක තියාගෙන තාත්තව සනීප කරගන්න අම්මේ”
    “අනේ ගොඩක් පින් මහත්තයෝ” ඒ අම්මා කිව්වා..
    ඒ අම්මා දන්නේ නැතිව ඇති ඒ දුන්නේ පන්දාහේ කොල කියලවත්..
    ඒත් මම හිතුවා මේ ලොකු සල්ලි කාරයෙක් කියලා.. කිසි ගානක් නැතිව සල්ලි දීපු නිසා.

    මම නිකමට ඒ අයියගෙන් ඇහුවා.
    “පව් නේද අයියේ? අයියා කොහේද වැඩ කරන්නේ?”
    මම ශ්‍රී ලංකා යුධ හමුදාවේ මල්ලි. මේ මගේ මාසේ පඩිය. අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි. අම්මා නැතිවුනාට පස්සේ මට මේ ජොබ් එක සෙට් වුණේ. ඒකෙන් මට මගේ අම්මට හරියට සලකගන්න බැරිවුණා.. ඒත් අදනම් හිතට මාර ෆිට්..

    මට ඉක්මනට කඳුළු එන කෙනෙක්. ඒත් වැටෙන්න නොඳී දරාගෙන හිටියේ අර අම්මා හිටගෙන බස් එකේ ශීට් එක බදාගෙන යනවටත් වඩා අමාරුවෙන්..
    තව දෙයක්..
    අපි කියන්නේ ආමි එකේ කොල්ලෙක් කියලා..
    එයාලා කියන්නේ මම වැඩ කරන්නේ හමුදාවේ කියලා..

    ඒත් මේ අයියා මට කිව්වේ,
    එයා වැඩ කරන්නේ ශ්‍රී ලංකා යුධ හමුදාවේ කියලා..
    ඒ වචන ඇතුලෙම තිබුණා
    පෞරුෂය
    තේජාන්විතකම
    ගෞරවය හා විනය!
    ඔබට ස්තූතියි නොහඳුනන සහෝදරයා!

    උපුටා ගැනීම අන්තර්ජාලයෙන් ..

  • in

    Breaking News : ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාර

    ශ්‍රී ලංකා කණ්ඩායමේ නව එක්දින හා විස්සයි විස්ස නායකයා ලෙස තුන්ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා මීට සුථ මොහොතකට පෙර පත් කර තිබෙනවා. ඒ අනුව 2017 වසර තුළ එක්දින නායකත්වයට පත් 05 වැනි ක්‍රීඩකයා තිසර වෙනු ඇති.

    Sri Lanka’s ODI Captain in 2017:

    1. Angelo Matthews

    2. Chamara Kapugedra

    3. Lasith Malinga

    4. Upul Tharanga

    5. Thisara Perera*

  • in

    රටවල් 92 ක රූ රැජිනියන් අතරින් අවසන් 16 ට පැමිණි ලංකාවේ සුරුපිණියගේ කතාව

    ++1955න් පසුව 2017+++

    ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවති 66 වන විශ්ව රූ රැජින තරඟයේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ ක්‍රිස්ටිනා පීරිස් සමත් වුණා. රටවල් 92 ක රූ රැජිනියන් අතරින් ඇය අවසන් 16 අතරට පිවිසෙද්දි මෙය වාර්තා වන්නෙ මෑත කාලයේ ලෝක මට්ටමේ රූ රැජින තරඟයක ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසයි.

    මීට පෙර 1955 වසරේදී, එනම් මීට වසර 62 කට පෙර මවුරීන් හින්ගර්ට් එම වසරේ විශ්ව රූ රැජින තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය. එනම් එය ශ්‍රී ලංකාව ලෝක රූ රැජින තරඟයක ලබපු ඉහලම ජයග්‍රහණයයි. රත්මලානේ ඉපදුනු 23 හැවිරිදි ක්‍රිස්ටිනා බම්බලපිටිය ශුද්ධ වූ පවුලෙ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක්. සිය මවගෙ මරණයෙන් පසු සිය පවුල සමඟ අබුඩාවි වෙත සංක්‍රමණය වෙන ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක්.

    ඇයට වෙනම සන්නාම නාමයක්ද ඇති අතර ඇය ඇයගෙ උපයීම් වලින් කොටසක් පිළිකා රෝගීන්ගෙ ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කරනු ලබනවා. ඇයගෙ මව, ආච්චි මෙන්ම සීයාද මියගොස් ඇත්තේ පිළිකා රෝග වලින් බව කියවෙනවා. දකුණු අප්‍රිකාවේ Demi-Leigh-Nel-Peters 2017 විශ්ව රූ රැජින ලෙස අභිෂේක ලබද්දී කොළොම්බියාව එහි දෙවන ස්ථානයත් ජැමයිකාව තෙවැනි ස්ථානයත් හිමි කරගනු ලැබුවා.

    ක්‍රිස්ටිනා සුවිශේෂී වන්නෙ ඇය සාමාන්‍ය ශ්‍රී ලංකා මිනිසුන්ගෙ හමේ වර්ණයෙන් යුක්ත වීම සහ දුටු පමණින් ශ්‍රී ලංකාවේ අපේ කෙනෙක් යන්න අමුතුවෙන් කීමට අවැසි නැති නිසයි.. නියම ලාංකීය සුන්දරත්වයෙන් ලොව ජයගත් ක්‍රිස්ටිනා පීරීස්ට සුභ පැතුම්!

    සටහන : අනව තප්ත විල

     

  • in ,

    කොරියානු ප්‍රභලයෝ ජනපතිව ඉහළින් පිළිගනී. නිළ ට්විටර් පණිවුඩ ටික මෙන්න…!

    පසුගියදා දකුණු කොරියාවේ නිල සංචාරයට පිටවී ගිය ශ්‍රී ලංකා ප්‍රජාත්‍රාන්තික සමාජවාදී ජනරජයේ ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මහතා හට Seoul ගුවන්තුටුපලේදී උණුසුම් පිළිගැනීමක් ලැබුණු අතර ඒ සඳහා විදේශ කටයුතු නියෝජ්ය අමාත්ය Cho Hyun, ජාතික ආරක්ෂක ප්රධානියා Chung Eyi-yong ට අමතරව ඉහල ප්‍රභූවරුන් රැසකගේ සහබාගිත්වයෙන් පැවැත්විණි.

    ඊට අමතරව කොරියානු නිල ජනපති නිවස වන @TheBlueHouseKR යන නිල ට්විටර් ගිණුම හරහා ශ්‍රී ලංකා ජනපතිගේ පැමිණීම ඉහල තලයේ තබා ටිව්ටර් පණිවුඩ කිහිපයක් නිකුත් කර තිබුනේ, මෑතකදී කොරියාවට පැමිණි ඉහල පෙළේ නායකයන් අතරින් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමන්ට ප්‍රමුඛස්ථානයක් දෙමිනි.

    ඔවුන් පවසා සිටින්නේ, කොරියාව හා ශ්‍රී ලංකාව අතර වසර 40 ක් පවතී රාජත්‍රාන්තික සබඳතාව වැඩිදියුණු කරමින් ශ්‍රී ලංකා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා කොරියාවට පැමිණීම ගැන ඔවුන් ඉමහත් සතුටින් පසුවන බවත්, දෙරට අතර මිත්‍රත්වය ඉහල නැංවීමට මෙය හොඳ අවස්තාවක් බවයි.

    ඔවුන් විසින් නිකුත් කර තිබු ටිව්ටර් පණිවුඩ කිහිපයක් පහතින්.

  • in

    ස්ටීව් ස්මිත්ට දරාගැනීමට නොහැකි වූ අමුතුම ආකාරයේ මාධ්‍ය සාකච්ඡාව

    එංගලන්ත කඩුලු රකින්නා වන ජොනී බෙයාර්ස්ටෝ තමන්ට හිසෙන් ඇන්නේ රිදවීමට නොව මිත්‍ර ලීලාවෙන් එකඟතාව ප්‍රකාශ කිරීමට බව ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු කැමරන් බැන්ක්‍රොෆ්ට් කියයි. අළු බඳුන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය නිමාවේ පැවැති පුවත් පත් සාකච්ඡාවකදී කැමරන් බැන්ක්‍රොෆ්ට් එසේ පවසන විට එතැන සිටි ඕස්ටේ්‍රලියානු නායක ස්ටීවන් ස්මිත්ට සිනහව නවතා ගැනීමට නොහැකි විය.

    එංගලන්ත පිලේ ඕස්ට්‍රේලියානු සංචාරය ආරම්භයේදීම පර්ත්හි අවන්හලදී ඇතිවූ මෙම ‘හිසෙන් ඇනීමේ’ සිදුවීම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණ. පර්හි පැවැති පුහුණු තරගයකින් පසුව ක්‍රීඩයන් නවාතැන් ගෙන සිටි හෝටලයේ අවන්හලේදී ඇතිවූ මෙම සිදුවීම කරුණු විකෘති කරමින් වාර්තා කරන ලද එකක් බව ක්‍රීඩකයෝ දෙදෙනාම කියති.

    මේ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු මාධ්‍ය අතිශයෝක්තියෙන් වාර්තා කරන ලද බවත් ක්‍රීඩකයෝ කියා සිටියහ. “මාත් ජොනීත් ඉතා මිත්‍ර ලීලාවෙන් සාකච්ඡා කරමින් හිටියා. ඒ වෙලාවේ එයා මට එකඟතාව පළකරමින් සුහදතාව දක්වා සිටියේ හිසෙන් ඇනලා”

    “මා බලාපොරොත්තු වුණේ අතට අත දීමක්. ඒ වගේ සුහදතාව දැක්වීමක් මා බලාපොරොත්තු වුණේ නෑ. ඒත් අපි දිගටම සුහදව කතාබස් කළා” යයි බැන්ක්‍රොෆ්ට් පවසද්දී මාධ්‍ය සාකච්ඡාවට සහභාගි වෙමින් සිටි ස්ටීවන් ස්මිත් මහ හඬින් සිනා සුනේය.

    බෙයාර්ස්ටෝ කීවේ ඕස්ට්‍රේලියානු මාධ්‍ය විසින් එය තත්ත්වය විකෘති කරමින් උලුප්පා දක්වන දෙයක් බවයි.

    “අපි අවන්හලේ හිටියේ හොඳ විනෝදයෙන්. අපි කොහොමත් විනෝදෙන් තමා ඉන්නේ. එතැන කිසිම විරෝධයක් හෝ එදිරිවාදීකමක් තිබුණේ නෑ….කොහොම වුණත් දැන් අපට එක් අමතක කරලා දාලා ඉදිරියට යන්න පුළුවන්” යයි එංගලන්ත කඩුලු රකින්නා පැවසීය.

    පර්ත්හි පැවැති පුහුණු තරගය අතරතුරේදී ක්‍රීඩකයන්ට නීති රීති දමා නොතිබූ බවත් ඔවුන්ට නිදහසේ සිටීමට අවසර තිබුණු බවත් කී එංගලන්ත පිලේ පුහුණුකරු ටේ‍රවර් බේලිස් මහතා (ඕස්ට්‍රේලියානු ජාතිකයෙකි) ජොනී බෙයාර්ස්ටෝ කිසිම ආකාරයේ නීති විරෝධී කටයුත්තක් කර නැති බවද පැවසීය.

    මේ අතර එංගලන්ත නායක ජෝ රූට් කියා සිටියේ ඕස්ට්‍රේලියානු ක්‍රීඩකයන් මෙම සිද්ධිය ක්‍රීඩාංගණයටත් ගෙන ආ බවයි.

    “ඔවුන් ඒක පිට්ටනියටත් ගෙනාවා. ඒ ගැන ඇත්තටම කණගාටුයි. ඒ වගේ අවස්ථා ඔවුන්ට නොදෙන්න අපි පරෙස්සම් වෙන්න ඕනෑ…ඇරත් ඕවා මේ කොල්ලන්ගේ වැඩ” යයි එංගලන්ත නායකයා කීවේය. ඒ සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් කියා සිටියේ ජොනී බෙයාර්ස්ටෝ පන්දුවට පහර දෙමින් සිටියදී ඔහුගේ අවධානය බිඳ දැමීම සඳහා තමන් එය යොදාගත් බවයි.

    ජොනී බෙයාර්ස්ටෝ දැවී ගියේ තර්ඞ් මෑන් ස්ථානයට දුන් උඩපන්දුවකිනි.

    “මා උත්සාහ කළේ ජොනීගේ ඔලුව අවුල් කරන්නයි. එයා තර්ඞ් මෑන් ස්ථානයට උඩ පන්දුවක් දුන්න. ඒක හොඳ පහරක් නෙමේ. දුර්වල පහරක්….මා හිතන්නේ අපේ උපක්‍රමය හරිගියා” යයිද ස්මිත් පැවසීය.

    වසර හතරකට පෙර පැවැති අළු බඳුන තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිලේ වත්මන් උප නායක ඬේවිඞ් වෝනර් අවන්හලකදී ජෝ රූට්ට පහර දීම නිසා ඔහුට ටෙස්ට් තරග දෙකක් අහිමි විය.

    අළු බඳුන තරගාවලියක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම සත්කාරක රටේ මාධ්‍ය විසින් සංචාරයකයන්ගේ විවිධ දුර්වලතා අල්ලා ගනිමින් ඔවුන් අසීරුතාවට පත්වන ආකාරයේ වාර්තා පළකිරීම වසර ගණනාවක සිට සිදුවන්නකි.

  • in

    ශ‍්‍රීලනිප ය හා ඒකාබද්ධ අතර අද විශේෂ හමුවක්

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිතව තිබේ. ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී එක්ව තරග කිරීම සම්බන්ධයෙන් මෙහිදි සාකච්ඡා කිරීමට නියමිත බව වාර්තා වෙයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇති කිරීම සඳහා පැවති මූලික සාකච්ඡාවල තවත් එක් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතයි.

    කෙසේවෙතත් තවමත් සාකච්ඡාව පැවැත්වෙන වේලාව සම්බන්ධයෙන් තම නියෝජිතයින් දැනුවත් කර නොමැති බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කරයි.

    ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ ඒකාබද්ධව මැතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් පවතින සාකච්ඡා පිළිබඳව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ගාමිණි ලොකුගේ මහතා ද අදහස් පළ කළේය.

  • in

    බ්‍රිතාන්‍යයේ හැරි කුමරු විවාහ වීමට යන ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළිය මෙන්න

    බ්‍රිතාන්‍යයේ හැරි කුමරු (33) සහ ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළියක් වන Meghan Markle (36) ඊයේ(නොවැම්බර් 28) දිනයේ විවාහ ගිවිසගත් බව බ්‍රිතාන්‍යය මාධ්‍ය වාර්තා කර තිබේ.

    විවාහයට රැජිනගේ අවසරය හිමිව තිබෙන අතර දෙපලගේ විවාහය ලබන වසරේ මුල භාගයේදී සිදුවිමට නියමිතය. Meghan Markle මීට පෙර විවාහා වී සිටියේ ඇමරිකානු චිත්‍රපට නිෂ්පාදකයෙකු වන Trevor Engelson සමගයි.

    බ්‍රිතාන්‍යයේ හැරී කුමරු මිට පෙර බ්‍රිතාන්‍යය නිළියක වන Cressida Bonas සමග සහ Chelsy Davy සමග සම්බන්ධතා පැවැත්විය.

Load More
Congratulations. You've reached the end of the internet.