in

ෆේස්බුක් සතියකට විතර ඩවුන් වෙලා තිබ්බොත් අපිට අහන්න ලැබෙන කතා

එෆ්.බී සතියක් විතර ඩවුන් වෙලා තිබ්බොත් –

01. ” ඔය ළමයා කොයි පළාතෙ කෙනෙක්ද?……”

“ඇයි අන්කල් අර වංගුවෙ ගෙදර කරුණාරත්න කියන්නෙ….ඒ මගෙ තාත්තා….”

“මොනවා….?…..මේ අපේ මරණාධාර සමිතියේ ලේඛම් කරු මල්ලිගෙ පුතා……. ඉතින් කරු මල්ලිට පුතෙක් හිටියෙ නෑනෙ……!…..අපි දන්නෙ නැති පුතෙක් කොහොමද ඉන්නෙ?….”

02. “ඇත්ත කියපං මිනිහෝ……උඹ නේද මේ ගමේ ළඟකදි ඉඳන් කෙරෙන හොරකම් වලට වගකියන්න ඕන?…. තමුසෙ කොහෙන්ද මෙහාට පාත් වුනේ…..?”

” අනේ නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයො ….. මමත් මේ ගමේම කෙනෙක්……මම අර….”

“ගමේම කෙනෙක් නම්, මේ මිනිස්සු දන්නෙ නෑ කියන්නෙ…..?”

 

03. “ඩොක්ටර් අර ලෙඩාට හොඳටම අමාරුයි……ඇඳ විට්ටම ඔබනවා…..පහුරු ගානවා…….බෙහෙත් පෙත්ත දුන්නාම ඒක උඩ මහපට ඇඟිල්ල තිබ්බා ” ලයික්” කියලා….. දවල් කෑම එක ගෙනාවාම කෑම එක එක්ක අත මෙහෙක් කරලා හිනා වෙනවා……. ( පසුබිමින් ) ” මිසී මට යන්න දෙන්න……නෝටිෆිකේෂන් එනවා……මට යන්න දෙන්න……”

04. “බුදු අම්මෝ…..අම්මේ…….ඉස්සරහා කාමරේ කොල්ලෙක් ඉන්නවා…….එයා මගේ දිහා අමුතු විදියට බැලුවා…….අම්මේ……..”

” අම්මේ……මේ කවුද මේ ගෑණු ළමයි එබෙන්නෙ මගේ කාමරේට……?…..කවුද මෙයා……?…..මොනවද මෙහෙ කරන්නෙ…..?

“කෑ ගහන්න එපා යකුනේ……..!…….මේ ඉන්නෙ උඹේ නංගි………මේ උඹේ අයියා……..2007 න් පස්සෙ උඹලා දෙන්නා අද තමයි පළවෙනි වතාවට මූණ බලලා කථා කරන්නෙ…….”

“අයියා….”

“නංගි”

“අයියා…..ඔබ කෙතරම් වෙනස් වෙලාද?”

“ඔබත් එසේමයි නංගි….”

05. ” ඒ අර බලන්නකො අනේ………!……අතනත් අලුත් ෂොප් එකක්…….!…..අන්න එහා පැත්තෙ අලුතින් රෙස්ටුරන්ට් එකක් දාලා……අම්මෝ අර, අර …….දිගටම අලුත් ෂොප්ස් දාලා…….සපත්තු කඩ, සාරි කඩ, …….අන්න අනේ අලුතින්…….ඒ මෙතන අලුතින් පන්සලකුත් එක්ක ලොකූ බෝධියකුත් තියෙනවා අනේ…….!…….”

“කට වහන් යමන් ගෑණියේ……!……ඔය එකක් වත් අලුත් නෑ……..දැන් ඕවා දාලා අවුරුදු පහක් විතර වෙනවා……..!…..පන්සල අවුරුදු එකසිය පනහක් විතර පරණ රජ මහා විහාරයක්…….!……මට ඕවා පේන්නෙ මම උදේටයි හවසටයි මේ පාරේ කාර් එක එළවන නිසා ……. තමුසේ ෆෝන් එක ඔබ ඔබනෙ ඉන්නෙ ඒ වෙලාවෙ…….”

06. ” මේ මොනවද ඕයි මේ?……..කඩදාසි වගයක් එකට බැඳලා…….ඒවයෙ අකුරුත් තියෙනවා…….”

” මට මතකයි පුංචි කාලේ සීයා මට ඕවා ගැන කිව්වා…….ඕවට කියන්නෙ පොත් කියලා….”

 

07. ” මොනවද ළමයො මේ කරන්නෙ?……නංගියේ මේ බලහන්කො………මම මේ විස්තරේ කියන්න ගත්ත වෙලා ඉඳලා මේ ළමයා මගේ මූණ උඩ අතට අත ගානවා……මොන යකෙක් වැහිලද…..?….පිස්සුද ළමයො…..?”

“අනේ සොරි නැන්දේ……මම මේ නිව්ස්ෆීඩ් එකේ පහළට යන්න හැදුවේ……..පුරුද්දට…….ගොසිප් සයිට් එකක ලින්ක් එකක් කියල හිතුවෙ…..”

 

08. ( මෝචරියක )

” එතකොට මෙයා….?”

“මෙයා ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලලා ඒ ගැන කියා ගන්න විදියක් නෑ කියලා……”

“අරයා?”

“එයා වන්ඩේ මැච් එක බලලා…..”

“අර ගෑණු ළමයා ඇයි ?”

” එයා ලියුමක ලියල තියලා එයා කණ්නාඩියෙන් බැලුවාම පේන්නෙ එයාව නෙමෙයි කියලා………ප්‍රොෆයිල් පික්චර් එකෙ ඉන්න කෙනාට වඩා කණ්නාඩියෙන් දකින කෙනා වෙනස් වෙච්ච එකේ කම්පනය දරා ගන්න බැරුව ඔහොම කරගෙන තියෙන්නෙ…….ලියුමෙ අන්තිමට “ඇත්තටම මම කවුද?” කියලත් ලියල තිබුණා…..

09.

“මම පුතාගේ ලොකු මාමා නේ…..”

“ඇත්ත කියන්න……ඔයා ලොකු මාමගෙ ෆේක් එකක් නේද?……”

10.

“ඇත්තටම ඔයා හරි වෙනස් කෙනෙක් සාගර……මට නම් හිතාගන්නවත් බෑ…..”

” ඒක තමයි කළණි……මේ……මම ඔයාගෙ අතින් ඇල්ලුවට කමක් නෑද්ද?…….හා ද?….”

————————————

උපුටාගැනීම :Damith Kethaka සොහොයුරාගෙන්

ඔයාල දන්නා මේ වගේ අදහස් ටිකක් කමෙන්ට් කරගෙන යමු බලන්න

ෆේස්බුක් වෙබ් අඩවිය ක්‍රියා විරහිත වෙයි. හැකර් ප්‍රහාරයක්ද ? අපේ ගිණුම් වල දත්ත ලීක් වෙයිද ?

නව නායකයා උරණ වෙයි. ලසිත් මාලිංග කණ්ඩායමෙන් විසිවෙයි.