in

සමාජ මාධ්‍යතුල වාර්තා තබමින් එක රැයක් තුලින් ජනප්‍රියවූ මලයාලම් ගීතයේ කතාව (video)

මේ ගතවෙන්නේ ආදරවන්තයින්ටම වෙනුවුණු සතිය.තවත් දවස් දෙකකින් ලොව පුරා ආදරවන්තයින්ම වෙන් වුණු ‘වැලන්ටයින්‘ එහෙම නැතිනම් ආදරවන්තයින්ගේ දිනය උදා වනවා.

ඒ අතරේ ඉස්කෝලෙක කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරේ සිද්ධවෙන අපූරු ආදර ජවනිකාවක වීඩියොවක් මේ වන විට ෆේස්බුක් ඉන්ස්ටග්‍රෑම් වට්ස්ඇප් ඇතුළු සමාජ ජාල වෙබ් අඩවි වල වල කතාබහට ලක්වෙන්න පටන් අරගෙන තියනවා.

මේ විදියට කතාබහ වෙන්න පටන් අරගෙන තියෙන්නේ නවතම මලයාලම් සිනමා නිර්මාණයක් වන ‘ඔරු ආදර් ලව්‘ (Oru Adaar Love) චිත්‍රපටයේ එන ගීතයක්.මේ චිත්‍රපටය ලබන මාර්තු 03වනදා රිලීස් වෙන්න නියමිතයි කියලා තමයි ආරංචිය.

මානික්යා මලරයා පූවි (Manikya Malaraya Poovi ) කියලා තමයි මේ ගීතය නම් කරලා තියෙන්නේ. මලයාලම් සිනමාවට නවක මුහුණුක් වන ප්‍රියා ප්‍රකාශ් වැරියර් මේ චිත්‍රපටයට රංගනයෙන් දායක වී තිබෙනවා.

මීට අමතරව ප්‍රියා විසින් නවතම instagram වාර්තාවක් තබා තිබෙනවා. ඒ තමයි instagram ගිණුමක පැය 24 ක් යන්නට මත්තෙන් ෆලොවස් වැඩිම ප්‍රමාණයක් ලබාගත් අයවලුන් අතිරින් දෙවැනි ස්ථානයට පත්වීමත් සමගයි. ඇය පැය 24 ක් තුල followers 616,000 කට ආසන්න ප්‍රමාණයක් ලබා තිබෙනවා.

එම ගීතය පහතින් නරඹන්න.

එජාපය ලද පරාජය සමග එජාපය තුල අර්බුධයක්. අගමැතිට යෝජනා කිහිපයක්

අශෝභන හා අශීලාචාර හැඟීම් වලින් තොරව වැලන්ටයින් සමරන්න මේක කියවන්න