in ,

සනුකගෙන් වෙනස්ම ආකාරයේ අලුත් සින්දුවක් – පෙරවදනක් – වෙනසක්

සනුක කියන්නේ නුතන තරුණයින් හා තරුණියන් බොහොමයකගේ හිත දිනාගත් ගායකයෙකි. සනුක මෙතුවක් කාලෙකට කර ඇති ගීත ප්‍රමාණය ගතහොත් අතේ ඇඟිලි ගානට තරම් ගැනිය හැකි ප්‍රමාණයක් ය. එහි විශේෂත්වය වන්නේ ඔහුගේ එම සියලුම ගීත ජනප්‍රිය, තේරෙන බෂාවෙන් කිවොත් හිට් එකක් වීමයි.

සනුකගේ අලුත්ම සින්දුව ඇවිත් තියෙන්නේ. ඒ තමයි ” පෙරවදනක් “. මෙම ගීතයේ හොඳින් අහන කෙනෙකුට තේරෙයි ඒකේ ලොකු තේරුමක් තියන බව හා වචන ගැලපීම ඉතාමත් සාර්ථක බව. ඒ ගීතයේ Audio track එක ගැන කතා කරද්දී අපිට කියන්න ඕන සනුකගේ මීට මාස 9 කට කලින් නිකුත් වුන ” සංසාර සිහිනේ” Youtube හි ඇතුලත් කල Audio Track එක දැනටමත් මිලයන 1.9 කට වඩා ප්‍රමාණයක් සවන් දී තිබීමයි.

 

නමුත් මෙම සින්දුවේ නම් සනුක වීඩියෝ එකක් එළිදක්වලා තියනවා. පාදයක් අහිමි කාන්තාවකට පාදයක් ලබා දෙන එකතරා ආබාධ තරුණයකුගේ කතාවක් මුල් කරගෙනයි මෙය නිර්මාණය කර ඇත්තේ. ඇවිදින්න බැරි තරුණියට කෘතීම පාදයක් ලබාදී ඇය හරියට ඇවිදින්න පුරුදු වූ දවසේ, මොහුගේ ස්ථානයෙන් නික්ම ගිහින් මද වෙලාවක් යන්නට මත්තෙන් රිය අනතුරකින් මිය යාමයි කතාවේ හරය වී ඇත.

හෙළුව පෙන්නලා නැහැ. සරාගී කාන්තාවන් යොදා ගෙන නෑ. ලොකු එෆෙක්ස්ට් නෑ. ලොකු ලොකු ලොකේෂන් නෑ. ප්‍රසිද්ධ නර්තන ශිල්පින් හෝ රංගන ශිල්පින් ගොඩක් දාගෙන තේරුමක් නැතුව නතවලා නෑ. සරල විදිහට ලොකු පණිවුඩයක් සමග හිතට වදින්න කරපු සින්දුවක්.

හරි දැන් කියව්වා ඇති කියලා හිතනවා, පහතින් ඔයාලම බලන්න ඒ අපුරු නිර්මාණය

එක්දින හා විස්සයි විස්ස නායකත්වය තරංගට, ටෙස්ට් නායකත්වය චන්දිමාලට

අක්කා නැති වෙලා දැන් අවුරුදු දෙකයි. ඒත් සමහරු මේ ෆොටෝ එක බස්වල බෙදලා සල්ලි එකතු කරනවා