in

සංගාගේ ට්විටර් පණිවුඩය වැරදියට තේරුම් ගත් හැමෝටම සංගාගෙන් සැර ප්‍රකාශයක්

මේ දවස් වල තියන මැතිවරණ උණුසුම සමහ එක එක කතාබහ සමාජයට එන්නේ චන්ද දවස ලංවනවාත් සමගය. කෙසේ නමුත් පසුගියදා ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ ක්‍රීඩකයකු වන කුමාර් සංගක්කාර විසින් ඔහුගේ නිල ට්විටර් ගිණුම තුලින් මැතිවරණය පිළිබඳව පණිවුඩයක් දමා තිබුනේය.

එහි සඳහන් වී තිබුනේ, ” සුදුසු නැති දේශපාලකයන් බිහිවන්නේ බුද්ධිමත් පුරවැසියන් තමන්ගේ චන්දය භාවිතා නොකිරීම නිසා බවත්, එම නිසා එළඹෙන පළාත් පාලන මැතිවරණයේ ඔබ අනිවාර්යයෙන් චන්දය භාවිතා කරන්න ” යැයි එම පණිවුඩයේ සඳහන් වේ. එම ට්විටර් පණිවුඩය පහතින්,

කෙසේ නමුත් මේ ට්විටර් පණිවුඩය සමග විවධ දේශපාලන පක්ෂ මෙහි අන්තරගතය උපුටා ගෙන, තමන්ට වාසි වන ආකාරයේ එමැ පණිවුඩ හරවා, ” කුමාර් සංගක්කාර තම පක්ෂයට සහය දක්වනවා : යනුවෙන් පවසා ප්‍රචාරක කටයුතු වල නිරත වන අපට පසුගිය දවස් වල දැකගැනීමට හැකිවිය.

කෙසේ නමුත් මේ සමගම මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රචාරක කටයුතු ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමත් සමගම, මේ දෙස බලා සිටි කුමාර් සංගක්කාර අද දින තවත් ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහුගේ ශෝකය ප්‍රකාශ කර සිටියේය.

එහි සඳහන් වන්නේ ” පසුගියදා මෙවර පළාත් පාලන මැතිවරණය පිළිබඳව මා පලකල ට්විටර් පනිව්දුය විවිධ පාර්ශව විසින් වැරදි අර්ථකන යොදා පලකර තිබීම ගැන මා පෞද්ගලිකව කනගාටු වෙමි. මට කිසිඳු පක්ෂයක් සමග සෘජු හෝ වක්‍රාකාර සම්බන්දතාවයක් නොමැත. මම හිතනවා අපේ රටේ නිලධාරීන් ප්‍රථමයෙන් පක්ෂය නොව රට ගැන සිතා ඉදිරියේදී කටයුතු කරයි කියලා ” යනුවෙන් එම ට්විටර් පණිවුඩයේ සඳහන් වේ.

එම ට්විටර් පනිව්දුය පහතින්,

මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙද්දී එක එක පක්ෂය වියදම් කරපු වියදම මෙන්න

නුදුරේදීම “ලංකා ප්‍රිමියර් ලීග්” නමින් විස්සයි20 තරගාවලියක් – තිලංග සුමතිපාල