in ,

ශ්‍රී ලාංකිකයන් කියන්නේ ලෝකෙටම නොදෙවෙනි ජාතියක් ! තිලකරත්න ඩිල්ෂාන් කියන කතාව

ඉතිහාසය පුරාවට ශ්‍රී ලාංකිකයන් බොහොම අභිමානයෙන් ජීවත්වෙච්ච ජාතියක්.ඔවුන්ට එහෙම ඉන්න හැකියාව ලැබුණේ ඔවුන් සතු අභිමානය,හැකියාව සහ නොපසුබට උත්සාහය. ඈත ඉතිහාසයේ ඉදන් කරපු ඒ වීරකම් නිසා ජාත්‍යන්තරය තුලත් ශ්‍රී ලාංකේය ජාතිය ගැන කියවෙනවා.අද වෙනකොට ජාත්‍යන්තරය අපිට ඒ තැන ලබා දෙනවද ?

නෑ .ඒ වෙනුවෙන් අපිට සිද්ධවෙනවා ජාත්‍යන්තරයට පෙන්වන්න අපේ හැකියාවන්.ලෝකයට නොදෙවෙනි අපි කියන්නේ අන්න ඒ නිසයි.තිලකරත්න ඩිල්ෂාන් කියන ජාත්‍යන්තරය ජයගත් ක්‍රිකට් ක්‍රීඩකයා සූදානම් වෙනවා ඒ හැකියාවන් උරගා බලන ජාත්‍යන්තර වේදිකාවටක එකතු වෙන්න.

ඒ තමයි , SRI LANKA’S GOT TALENT කියන්නේ. ලෝක ප්‍රසිද්ධGOT TALENT රියලිටි වැඩසටහනේ ශ්‍රී ලාංකේය හැකියාවන් සොයා යන ගමනයි. එහි විනිෂ්‍ය මණ්ඩලය වෙනුවෙන් ලෝක ප්‍රසිද්ධ ක්‍රිකට් ක්‍රීඩක ටී.එම්.ඩිල්ෂාන් එකතු වීම සුවිශේෂී වනවා. ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී,සංගීතවේදී සෞන්දරී ඩේවිඩ් මේ ජාත්‍යන්තර තරගයේ අනෙකුත් විනිසුරුවන් ලෙස කටයුතු කරනවා.

අපේ හැකියාවන් ජාත්‍යන්තරයට ගෙන යන එතෙක් මෙතෙක් ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය වන ඉහළම පිරිවැයක් දරණ රියලිටි වැඩසටහන මෙය වන අතර ලබන මාර්තු මාසයේ සිට ප්‍රෙක්ෂකයින්ට මෙය දැකගන්නට පුලුවන්.

බ්‍රිගේඩියර් වෙනුවෙන් ජනපති හඬ අවදි කරයි. වහාම නැවත සේවය පිහිටවන ලෙස නියෝග.

බංගලාදේශ – ශ්‍රී ලංකා විස්සයි විස්ස තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි. ප්‍රභල නම් රැසක් ඉවතට.