in

ශ්‍රී ලංකාව දෙවන ටෙස්ට් තරඟය ජයගනිද්දී රංගන හේරත්ගෙන් ලෝක වාර්තාවක්

ටෙස්ට් ඉතිහාසයේ ශ්‍රී ලංකාව තබා ඇති වාර්තා ගැන අපි අමුතුවෙන් කියන්න ඕනේ නැහැ. මේ දවස් වල පැවැත්වෙන බංගලාදේශ ශ්‍රී ලංකා සංචාරයේ එක්දින තරඟාවලියේ ජය ශ්‍රී ලංකා කණ්ඩායම හිමි කරගැනීමත් සමගම ටෙස්ට් තරඟාවලියේ ශුරතාවලියද ශ්‍රී ලංකා කණ්ඩායම තමන් නතු කරගැනීමට සමත් වුනා.

ඒ අද දින පැවති තරඟයේදී ලකුණු 215 කින් ජයගැනීමෙන් පසුවයි. කෙසේ නමුත් අද දින නවතම ලෝක වාර්තාවක් තැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නැංගුරම වන රංගන හේරත් අද දින සමත්වුනා. ඒ තමයි ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ වමතින් පන්දු යවන පන්දුයවන්න අතර වැඩිම කඩුලු ලාභියා ලෙස ඉතිහාසගත වෙමිනි. අද තරඟයේදී රංගන හේරත් කඩුලු 4 ක් ලබාගත් අතර, ඒ අනුව දැන් රංගන හේරත් ගේ නම ඉදිරියෙන් කඩුලු 415 ක් ලියවී ඇත.

ඔහු මෙම වාර්තාව තැබුවේ, පාකිස්තානයේ විශ්ෂ්ඨ වේග පන්දු යවන්නෙක් වන වසීම් අක්‍රම් ගේ කඩුලු 414 වාර්තාව පසු කරමිනි. මෙය ශ්‍රී ලාංකිකයින්ට සුවිශේෂී සිදුවීමක් වනුයේ, දකුණතින් පන්දු යවන ක්‍රීඩකයින් අතර වැඩිම කඩුලු ලභියාද ශ්‍රී ලාංකිකයකු වීමයි. එය අන් කවරෙකු නොව මුත්තයියා මුරලිදරන්ය.

ලන්ඩන් කොටි රැලට සිංහ තේජස පෙන්වූ බ්‍රිගේඩියර් ප්‍රියංකර පුවත්පතක් සමග පළමු වරට අදහස් දක්වයි…!

තම මංගල ටෙස්ට් තරඟයේ කඩුලු 8 ක් දවාලමින් අකිල ධනංජය වාර්තාවක් තබයි