in

වෙන්දේසියේදී අලවි නොවූ ලසිත් මාලිංගට මුම්බායි ඉන්දියන්ස් පිලේ ඉහළ තනතුරක්

පසුගියදා පැවති IPL වෙන්දේසියේදී IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම, තර්ජනාත්මක පන්දු යවන්නා වූ ලසිත් මාලිංගව කිසිඳු පිලක් මිලදී නොගැනීම කාගේත් කතාබහට ලක්වූ පුවතක් වුනා.

පසුව බොහෝ පිරිස් චෝදනා නැගුවේ මුම්බායි ඉන්දියන්ස් පිලට මාලිංග සම්බන්ධ වීමත් සමග, ඔහු ඔහුගේ ක්‍රිකට් ජීවිතය විනාශ කර ගත් බවත්, IPL හරහා ඉන්දීය ක්‍රීඩකයින් ලසිත් මාලිංග සතුවූ සැඟවුණු දක්ෂතා හොඳින් හඳුනා ගෙන, මාලිංගගේ පන්දුවලට හොඳට පුහුණු වී, පසුව ඔහුව IPL එකෙන් ඉවත් කර දැමු බවයි. එමෙන්ම මාලිංග ක්‍රිකට් කමිටුව සමග විටින් විට ගැටුම් ඇතිකරගත් අතර, මෙවර බංගලාදේශ ශ්‍රී ලංකා සංචරයටද මාලිංගගේ නම ඇතුලත් නොවීම මීට ප්‍රධාන හේතුවක් විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂ පන්දු යවන්නෙකු වන මාලිංගව හදිසියේම අද දින මුම්බයින් ඉන්දියන්ස් පිල විසින් ආරාධනා කර තිබෙනවා. නමුත් මේ පාර නම් ඒක සුභදායි පුවතක් කියන්න අමාරුයි. එයට හේතුව ඔවුන් මාලිංගට මෙහිදී ” මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමේ උපදේශක තනතුර ” ලබාදී තිබෙනවා.

ක්‍රිකට් වලින් ඉවත් වුන මාලිංගට නම් මෙය හොඳ පුවතක් වුවත්, මාලිංගගේ රසික රසිකාවියන්ට නම් එය එතරම් හොඳ පුවතක් නෙවෙයි. එයට හේතුව නම් ලසිත් මාලිංග යනු තවමත් ක්‍රීඩා කිරීමේ ශක්තිය තියෙන කොල්ලෙක්. එහෙව් අවස්තාවක මාලිංගට මෙවැනි තනතුරක් ලබාදීමෙන් ඉන්දියානුවන් ලෝකෙට කියාපාන්නා උත්සහ දරන්නේ ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුදිය යුතු කාලය එළඹ ඇති බව නොවේද ? මොවුන් මාලිංගගේ ක්‍රිකට් ජීවිතය තවත් විනාශ කරනවාද ? මොවුන් ලංකාවේ තරුව නැතිව අපිට ලෝක කුසලානයට එන්න කියනවද ? මේ සියල්ල දෙස බුද්ධියෙන් විමසීමේ කාලය එළඹ ඇත.

මේ සම්බන්ධයෙන් BBC සිංහල වෙබ් අඩවියේ කතෘ විසින් පළකර තිබු ට්විටර් පණිවුඩය පහතින්,

ලංකාවෙම වීරයෙක් වූ බ්‍රිගේඩියර් ප්‍රියංකරට පසුගිය ආණ්ඩු සමයේ වූ සිදුවීමක් ගැන හරීන් හෙළිකරයි

දණහිසේ ඇති වූ අබාධයට ඔස්ට්‍රේලියාවේදී ශෛල්‍යකර්මයක් කිරීමෙන් පසු සනත් නැවත දිවයිනට