in

විනිශ්ය මණ්ඩලය පිස්සු වට්ටපු ගණන් හැදිල්ල – නියමයි කොල්ලෝ..!

අපි හැමෝම දන්නවා ITN එකේ විකාශනය වන Youth with Talent වැඩසටහන. මෙහිදී විවධ දක්ෂතා වලින් පිරිපුන් බොහෝ පිරිස් අප දැක ඇති අතර, පසුගියදා විකාශය වූ වැඩසටහනේ අපි දැක්ක ඒ දක්ෂතාවය නම් ඇත්තටම විශ්මිතයි.

ඔහු නමින් නිෆ්ලර්. ඔහුගේ හැකියාව තමයි, 100 ට අඩු ඕනෑම ඉලක්කමක දෙකේ බලය, තුනේ බලය , හතරේ බලය, එනම් උදාහරණයක් විදිහට 92.3 යන ඉලක්කමේ 92.3 x 92.3 හා 92.3 x 92.3 x 92.3 හා 92.3 x 92.3 x 92.3 x 92.3 හී පිළිතුර ඔහු තත්පර කිහිපයක් ඇතුලත ලබාදීමයි.

මෙම වැඩසටහනේදී විනිශ්ය මණ්ඩලයේ සිටි සියලු දෙනාගේම අතර calculator යක් බාරදී, 1 – 100 දක්වා ඇති ඕනෑම සංඛ්‍යාවක
ගුනාකාරයක් පිළිබඳව විනිශ්යවරු ප්‍රශ්න කිරීමේදී, ඔවුන් calculator එකෙහි එම අංක type කර පිළිතුර ලබා ගැනීමට ප්‍රථම ඔහු පිළිතුරු සපයන ආකාරයක් අපට දැකගැනීමට හැකිවිය.

මෙවැනි දක්ෂතා ඇති තරුණ තරුණියන් සමාජය ඉදිරියට ගෙන එන මෙවැනි රියලිටි වැඩසටහන් නම් අගය කල යුතුයි. ඔබට ජය මල්ලි. ඔබේ අනාගතයට සුභ පැතුම්.

එම වැඩසටහනේ ඒ මල්ලිගේ හැකියාව පහතින්,

ලබන වසරේ අපිට ලැබෙන නිවාඩු ලැයිස්තුව මෙන්න. බැංකු නිවාඩු හැර නිවාඩු 26ක්

කීලෝමීටර් පහක් පළල යෝද උල්කාවක් පෘථිවිය අසළින් යයි