in

ලසිත් මාලිංග ක්‍රිකට් වලින් සමුගන්නා බවට ප්‍රකාශ කරයි….!

පසුගියදා පැවති IPL වෙන්දේසියේදී IPL ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා මෙන්ම, තර්ජනාත්මක පන්දු යවන්නා වූ ලසිත් මාලිංගව කිසිඳු පිලක් මිලදී නොගැනීම කාගේත් කතාබහට ලක්වූ පුවතක් වුනා. එමෙන්ම මාලිංග ක්‍රිකට් කමිටුව සමග විටින් විට ගැටුම් ඇතිකරගත් අතර, මෙවර බංගලාදේශ ශ්‍රී ලංකා සංචරයටද මාලිංගගේ නම ඇතුලත් නොවීම මීට ප්‍රධාන හේතුවක් විය.

කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ දැනට සිටින දක්ෂ පන්දු යවන්නෙකු වන මාලිංගව හදිසියේම ඊයේ දින මුම්බයින් ඉන්දියන්ස් පිල විසින් ආරාධනා කර ලසිත් මාලිංගට මෙහිදී ” මුම්බායි ඉන්දියන්ස් පිලේ පන්දු යැවීමේ උපදේශක තනතුර ” ලබාදී තිබුනා.

මෙයින් පසු අද දින ඉන්දීය පුවත් පත් මාධ්‍යකට අදහස් දක්වමින් ලසිත් මාලිංග පවසා සිටියේ ” මානසිකව මගේ ක්‍රිකට් ජීවිතය අවසන් වී තිබෙන්නේ. මට හිතෙන්නේ ආයේ මට අන්තර්ජාතික ක්‍රිකට් තරඟයක් ක්‍රීඩාකිරීමට අවස්ථාවක් ලැබෙන්නේ නැති වෙයි. ඒ වගේම ප්‍රාන්ත ක්‍රිකට් තරඟ සඳහාද මගේ නම ඇතුලත් නොවේවි. මට තේරෙනවා මගේ වටිනාකම දැන් ඉවරයි කියලා ”

ලසිත් මාලිංග හදිසියේම ඔහුගේ සමුගැනීමක් ප්‍රකශ කර සිටියේ කුමන හේතුවක් මතද යන්න තවම නිසි පිළිතුරක් ලැබී නැත. ආරංචිය අනුව නම් ඔහුට දිගින් දිගටම ක්‍රිකට් කමිටුව තුලින් එල්ලවෙන බලපෑම්, හා ඔහුව කණ්ඩායමෙන් හිතා මතාම නෙරපා හැරීම මෙන්ම, ප්‍රාන්ත ක්‍රිකට් තරඟාවලිවලට ඔහුගේ නම ඉවත් වීම මීට හේතු වී ඇති බවයි.

ලසිත් මාලිංග නිසැකවම තමන් සමුගත් බව ප්‍රකශ නොකලත්, ඔහුගේ මෙම ප්‍රකාශයේ ඔහුගේ සමුගැනීම ගැබ් වී ඇති බව BBC සිංහල වෙබ් අඩවියේ කතෘ සඳහන් කර තිබු ට්විටර් පනිව්ඩය පහතින්,

දණහිසේ ඇති වූ අබාධයට ඔස්ට්‍රේලියාවේදී ශෛල්‍යකර්මයක් කිරීමෙන් පසු සනත් නැවත දිවයිනට

මෙවර මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන් වෙද්දී එක එක පක්ෂය වියදම් කරපු වියදම මෙන්න