in

ලංකාවේ ක්‍රීඩකයකුගේ පන්දු යැවීමේ ඉරියව්වට කින්ඩියක් දාන ජඩේජා

අද දින ආරම්භ වූ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පලමු ටෙස්ට් තරඟයේදී කාසිය වාසිය ඉන්දීය කණ්ඩායම දිනාගත් අතර, ඔවුන් පලමුව පන්දුවට පහරදීමට තීරණය කරා.

එහිදී ශිකර් දවාන් අගනා ආරම්භයක් ලබා දුන්නේ පන්දු 163 කදී ලකුණු 190 ක් රැස් කරමිනි.

කෙසේ නමුත් අද දින ඉන්දියානු ක්‍රීඩකයින්ගේ අශිලාචාර ක්‍රීඩා ඉරියව් වලට ඔබ්බව, තවත් සිද්ධියක් අපට දැකගැනීමට හැකි විය.

එනම් ක්‍රීඩකයන් රැඳී සිටින විවේකාගාරයේදී ඉන්දියානු ක්‍රීඩකයන් වාඩිවී සිටින මොහොතක, රවින්ද්‍ර ජඩේජා පැමිණ ශ්‍රී ලංකා ක්‍රීඩක දිල්රුවන් පෙරේරාගේ පන්දු යැවීමේ ඉරියව් ව විහිලුවක් බවට පත් කරමින් පන්දු දමන ආකාරයක් නිරුපනය කිරීම, රුපවාහිනිය තුලින් දැකගැනීමට හැකි විය. එම අවස්ථාවේදී විරාත් කෝලි හා රවී ශාස්ත්‍රී ඇතුළු පිරිසද දත් 32 කම එලියට දමාගෙන සිනාසෙනු අපට දිස්විය.

එම සිද්ධියට අදාළ වීඩියෝව පහතින්,

ඉන්දියානුවන් යනු කාලගුණ දන්නේ නැති ක්‍රීඩකයින් පිරිසක් බව අමුතුවෙන් කිව යුතු නැත. ඔවුන් තරඟ පරදින විට ඔවුන්ගේ ගෙවල් කුඩු වෙන්නේද ඔවුන්ගේ මෙවැනි නොහිඹිනා ක්‍රියාකලාප වල ප්‍රතිපලයක් ලෙසිනි. අප රටේ ක්‍රීඩකයකුව මෙසේ විවේචනය කිරීම තරයේ හෙලා දැකිය යුතු වන අතර, මෙවැනි දෑට එරහිව ICC ය පියවර ගනීද යන වග අප දෑස් දල්වා බලා සිටිමු. තවද අප රටේ පාලකයින් මේ පිළිඹඳව ඉන්දීය ක්‍රිකට් කවුසින්ලයට හා අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලියට පැමිණිලි කිරීමට කොන්දක් ලැබේවායි අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට, සේවකයෝ වැඩට වාර්තා කරයි.

ඉන්දීය – ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරඟයේදී ශිකර් දවාන්ගෙන් ලෝක වාර්තාවක්