in

රාජගිරිය පාලමට සෝභිත හිමි ගේ නම යේදීමට ජනපතිගෙන් යෝජනාවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන් විසින් අද ජනවාරි 08 පෙරවරු 9 ට රාජගිරිය ගුවන් පාලම විවෘත කරන ලදි. මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට බොහෝ කටයුතු සිදුකරන බවත් ඉන් එක් වැඩසටහනක් ලෙස රාජගිරිය ගුවන් පාලම ඉදිකර ජනතා අයිතියට පත්කළ බවත් ජනපතිවරයා එහිදී සඳහන් කළේය.

රාජගිරිය ගුවන් පාලම පූජ්‍ය මාඳුළුවාවේ සෝභිත නාහිමි නමින් කරන ලෙසට යෝජනා කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය. ජනවාරි 08 දා සිදුවූ වෙනසට විශාල දායකත්වයක් දැක්වූයේ උන්වහන්සේ බවත් මේ නිසා ගුවන් පාලම උන්වහන්සේගේ නමින් නම් කරන ලෙසට බොහෝ දෙනෙකු ඉල්ලා සිටින බවද ජනපතිවරයා සඳහන් කළේය.

ගුවන් පාලම ඉදි කෙරුණේ ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පරිපාලන අගනුවරට පිවිසුම් මාර්ගයේ තදබදය අවම කිරීම අරමුණු කර ගනිමින්ය. ජනතාවගේ පහසුව උදෙසා මාස 11 කට පෙර ඉදි කිරීම් අවසන් කිරීම විශේෂත්වයකි.

මෙහි ඉදි කිරීම් ආරම්භ කළේ 2016 වසරේදී. වැය කළ මුදල රුපියල් මිලියන 4700 ක්. මංතිරු 4 කින් සමන්විත පාළමේ දිග මීටර 354 ක් වන අතර මීටර් 180 ක පිවිසුම් මාර්ගයක් ද ඊට ඇතුලත්ය. නවීන තාක්ෂණය යොදා ගනිමින් යකඩ මත කොන්ක‍්‍රීට් අතුරා මෙරට ඉදි කළ පළමු ගුවන් පාලමද මෙය වන්නේය.

මොරගහකන්ද මහා වාරි ව්‍යාපෘතිය ජනපති අතින් ජාතියට දායාද කෙරේ…!

KFC එකේ දුන්න අමුතුම චිකන් එකක් නිසා උණුසුම් වෙයි (video)