in

රතුපාට මරුටිය – ෆෙරාරිය දක්වා ගෙන ගිය ලංකාවේ තරුණයෙකුගේ කතාව

එදා හොඳට ඉර පායලා තිබ්බ දවසක්. කුරුල්ලො කීචි බීචි ගගා කෑ ගැහැව්වා. සමනල්ලු සිරීපාදෙට ගියා. ලේන්නු ටිං ටිං ගගා ගහෙන් ගහට පැන්නා. හරිම සුන්දර දවසක්. මම හෙමින් ගෙයින් එලියට බැස්සා. කලින් දවසෙ බීලා ඉවර වෙලා දැම්ම වමනෙ ගොඩ ගැන මට කිසිම මතකයක් තිබ්බෙ නෑ.

මම මී හරකෙක් වගේ ඒක උඩටම අඩිය තියලා චොස් ගාලා ලෙස්සල වැටුනා.පස්සෙ බාත්රූම් එකට ගිහින් නෑවා. ලිබර්ටි එකේ ගම්පෙරලිය පෙන්නනවා කියල මට මතක් වුනේ ඒ වෙලාවෙ. මම දෙපාරක් හිතන්නෙ නැතුව ඇඳගෙන මගේ රතුපාට හුරුබුහුටි මරුටියට නැග්ගා. මරුටියක් ගත්තෙ බෙන්ස් එකක් ගන්න බැරිකමට නෙමෙයි. සකසුරුවම්කමට

මම වාහනේට නැගල පවනට බඳු වේගයෙන් කොල්ලුපිටිය දිහාවට ගියා. බොරැල්ලෙත් ට්‍රැෆික්. හෝටන් ප්ලේස් එකත් පහුකරගෙන හෙමින් ඉස්සරහට ඇදෙනකොට හෝටන් ප්ලේස් එකේ අග කලර් ලයිට් එකට නතර වෙන්න වුනා.ඒ එක්කම වටේ පිටේ මිනිස්සු මං දිහා බලන්න ගත්තා. මාත් එක්ක හිනාවුනා. අත වැනුවා. මං සෙලිබ්‍රිටිත් නෙමෙයි

ඉතින් මම ටිකක් පුදුම වුනා. හදිස්සියෙ ආපු හන්දා සිප් එකවත් වහල නැද්ද කියල බැලුවා. ඒකත් වහලා. පස්සෙ වාහනේ කන්නඩියෙන් මූන බැලුවා. ඒකෙත් අමුත්තක් නෑ. පස්සෙ හිතුනා මම නළුවෙක් කියල හිතල හිනාවෙනවා ඇති කියලා. මමත් දත් 32ම පෙන්නලා හිනාවුනා. අතවනපු ගෑනු ලමයින්ට අත වැනුවා.

පැත්තෙන් නවත්තලා තිබ්බ කාර් එකේ හිටියෙ නීටා ප්‍රනාන්දු වගේ ලස්සන ගෑණු ලමයෙක්. එයත් අත වැනුව. මාව හොල්මන් වෙලා ගියා. මමත් අත වැනුවා. ඒ ලමයා හයියෙන් හිනාවෙලා අත රවුම්කරල මගේ පිටිපස්සෙ තිබ්බ දෙයක් පෙන්නුවා. මමත් බැලුවා. අනේ අරවින්ද. එයා එයාගෙ රතුපාට ෆෙරාරියෙ නැගල එහාපැත්තෙ ඉන්නවා.

මුං ඔක්කොම අතවනලා තියෙන්නෙ අරවින්දට. අරවින්දත් අතවනනවා. මම වන වන හිටපු අත හෙමින් බිම දාගත්තා. හොරෙන් අරවින්ද දිහා බැලුවා. එයා පොඩි නෝන්ඩි හිනාවක් දදා ඉන්නවා. එතකොටම කලර් ලයිට් වැටුනා. මම පාගලා ගියා. ඒත් මම වටරවුම අරන් ඉවරවෙනකොට අරවින්ද ෆොරාරියෙ ටෙනිස් කෝට් එකත් පහුකරල තිබ්බා.

ලිව්වේ – අචිර

ඔලිම්පික් ක්‍රීඩා වලට ක්‍රිකට් ඇතුලත් කිරීමට සංගා පෙරමුණ ගනී

ක්‍රිකට් වලින් විසිවුන මාලිංග අලුත්ම BMW i8 රථයක් මිලදී ගනී (photos)