in

” රට බීම බොන්න එපා. බියර් බොන්න. ඒක ඇඟට ගුණයි ” – මුදල් ඇමති

මුදල් අමාත්‍ය මංගල සමරවීර පාර්ලීමේන්තුවේදි සිදු කළ ප්‍රකාශයක් කතාබහට ලක්ව තිබෙනවා. ඊයේ දින (10) පාර්ලීමේන්තුව ඇමතු මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර ප්‍රකාශ කළේ සීනි දැමූ පැණි බීම පානය කරනවාට වඩා බියර් එකක්‌ පානය කිරීම ගුණදායක බවයි.

ඇමැතිවරයා මේ බව කීවේ සීනිවලටත් බද්දක්‌ ගසා ඇතැයි අයවැය විවාදයට එක්‌වෙමින් ජවිපේ පාර්ලීමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති සිදු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ප්‍රකාශ කළේ

” බොහෝ රටවල සියයට අසූ ගණනක්‌ පානය කරන්නේ බියර්. අඩු ප්‍රතිශතයක්‌ තමයි සැර මත්පැන් පානය කරන්නේ. ඒත් අපේ රටේ සියයට අසූහතරක්‌ බොන්නේ සැර මත්පැන්. අපේ රටේත් පොඩි බියර් එකක්‌ බිව්වට මම වරදක්‌ දකින්නේ නෑ. පැණි රස බීම එකට සීනි දමද්දී තමයි නිෂ්පාදකයාගෙන් බද්දක්‌ අයකරන්නේ. නැතුව සීනිවලට බදු අය කරන්නේ නෑ. පැණි බීම මිලිලීටර් 40 බෝතලයක සීනි ග්‍රෑම් 100.4 ක්‌ තිබෙනවා” යනුවෙනි.

අමාත්‍යවරයාගේ මෙම ප්‍රකාශය ෆේස්බුක් සමාජජාලා වෙබ් අඩවියේ අතිශය කතාබහට ලක්ව තිබෙන අතර පිරිසක් මෙම ප්‍රකාශය විවේචනය කරමින් අදහස් දක්වා තිබූ අතර තවත් පිරිසක් අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුමත කරමින් අදහස් දක්වා තිබෙනු දැක ගත හැකි වුනා.

පිතිකරුවන් අන්දමන්ද කෙරු ශ්‍රී ලංකාවේ නවක වැඩ්ඩගේ පන්දු යැවිල්ල – VIDEO

චන්දික හතුරුසිංහට ඩොලර් වලින් ගෙවන්න යන වැටුප