in

රටවල් 92 ක රූ රැජිනියන් අතරින් අවසන් 16 ට පැමිණි ලංකාවේ සුරුපිණියගේ කතාව

++1955න් පසුව 2017+++

ඇමරිකාවේ ලාස් වේගාස් නුවර පැවති 66 වන විශ්ව රූ රැජින තරඟයේ අවසන් 16 දෙනා අතරට පැමිණීමට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එයට සහභාගි වූ ක්‍රිස්ටිනා පීරිස් සමත් වුණා. රටවල් 92 ක රූ රැජිනියන් අතරින් ඇය අවසන් 16 අතරට පිවිසෙද්දි මෙය වාර්තා වන්නෙ මෑත කාලයේ ලෝක මට්ටමේ රූ රැජින තරඟයක ශ්‍රී ලංකාව ලබාගත් ඉහළම ජයග්‍රහණය ලෙසයි.

මීට පෙර 1955 වසරේදී, එනම් මීට වසර 62 කට පෙර මවුරීන් හින්ගර්ට් එම වසරේ විශ්ව රූ රැජින තරඟයේ තෙවැනි ස්ථානය දිනා ගත්තාය. එනම් එය ශ්‍රී ලංකාව ලෝක රූ රැජින තරඟයක ලබපු ඉහලම ජයග්‍රහණයයි. රත්මලානේ ඉපදුනු 23 හැවිරිදි ක්‍රිස්ටිනා බම්බලපිටිය ශුද්ධ වූ පවුලෙ කන්‍යාරාමයේ ශිෂ්‍යාවක්. සිය මවගෙ මරණයෙන් පසු සිය පවුල සමඟ අබුඩාවි වෙත සංක්‍රමණය වෙන ඇය මෝස්තර නිර්මාණ ශිල්පිනියක්.

ඇයට වෙනම සන්නාම නාමයක්ද ඇති අතර ඇය ඇයගෙ උපයීම් වලින් කොටසක් පිළිකා රෝගීන්ගෙ ප්‍රතිකාර වෙනුවෙන් වෙන් කරනු ලබනවා. ඇයගෙ මව, ආච්චි මෙන්ම සීයාද මියගොස් ඇත්තේ පිළිකා රෝග වලින් බව කියවෙනවා. දකුණු අප්‍රිකාවේ Demi-Leigh-Nel-Peters 2017 විශ්ව රූ රැජින ලෙස අභිෂේක ලබද්දී කොළොම්බියාව එහි දෙවන ස්ථානයත් ජැමයිකාව තෙවැනි ස්ථානයත් හිමි කරගනු ලැබුවා.

ක්‍රිස්ටිනා සුවිශේෂී වන්නෙ ඇය සාමාන්‍ය ශ්‍රී ලංකා මිනිසුන්ගෙ හමේ වර්ණයෙන් යුක්ත වීම සහ දුටු පමණින් ශ්‍රී ලංකාවේ අපේ කෙනෙක් යන්න අමුතුවෙන් කීමට අවැසි නැති නිසයි.. නියම ලාංකීය සුන්දරත්වයෙන් ලොව ජයගත් ක්‍රිස්ටිනා පීරීස්ට සුභ පැතුම්!

සටහන : අනව තප්ත විල

 

කොරියානු ප්‍රභලයෝ ජනපතිව ඉහළින් පිළිගනී. නිළ ට්විටර් පණිවුඩ ටික මෙන්න…!

Breaking News : ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නායකත්වය තිසර පෙරේරාර