in

මෛත්‍රී මේ නොකියා කියන්නේ රනිල්ටද? මහින්දටයිද..? (Video)

රටට ආදරය කරන විනයගරුක සහ සදාචාරවත් දේශපාලන ගමනක මංගල පියවර මෙවර පළාත් පාලන මැතිවරණ ජයග‍්‍රහණයත් සමග තබන බව ජනපති පවසයි.

මුදල් පසුම්බිය සොරාගෙන දුවන ගමන් හොරා විසින්ම “අන්න හොරෙක්, අන්න හොරෙක්” යැයි කෑ ගසනවා මෙන්ම අද දිනයේදී පාර්ලිමේන්තුවේ දෙපිරිසක් විසින් එකිනෙකාට හොරායැයි චෝදනා කරගත්ත ද සැබෑ සොරුන් කවුදැයි මේ රටේ ජනතාව දන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (10) පස්වරුවේ අනුරාධපුර සල්ගාදු කී‍්‍රඩාංගණයේ පැවති ජන හමුව අමතමිනි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙවර පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සංවිධානය කළ ජන හමු මාලාවේ පළමු ජන හමුව ලෙස ,නිදහසේ ජන හමුව, නමින් අතිවිශාල ජනතාවකගේ සහභාගිත්වයෙන් මෙම ජන හමුව පැවැත්විණි.

එම අවස්ථාවේ වීඩියෝව මෙතනින්,

මොකක්ද මේ බැඳුම්කරය කියන්නේ ? මෙන්න සරල පැහැදිලි කිරීමක්

ඔලිම්පික් ක්‍රීඩා වලට ක්‍රිකට් ඇතුලත් කිරීමට සංගා පෙරමුණ ගනී