in

මේවට ලංකාවේ නීතියක් නැද්ද ? මෙහෙම ගියොත් විදේශිකයන් ඉස්සරහට ලංකාවට එයිද? (video)

ශ්‍රී ලංකාව කියන්නේ විදේෂිකයන්ගේ ආකර්ෂණය දිනාගත් රටක් වනුයේ, අපිට අපේ රටේ අසිරිය නොපෙනුනත්, ඔවුන්ට අප රටේ අසිරිය මනා ලෙස දැකගැනීමට හැකිවීම නිසාවෙනි. මේ හේතුවෙන් පසුගිය වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විදේශිකයන් ප්‍රමාණය, ඉන් පෙර වසරක් තුල මෙරටට පැමිණි විදේශිකයන් ප්‍රමාණයට වඩා වැඩිය.

නමුත් මෙරට තුල එම පැමිණෙන විදේශිකයන්ට සාධාරණයක් සිදුවන්නේද ? අප විදෙස් රටකට ගියවිට අපට එක මුදලක්, විදේශිකයන්ට තව මුදලක් ආකාරයෙන් අය කිරීමක් සිදු නොකරයි. එනම් ඕනෑම පුද්ගලයකුට ගාස්තුව එකම වේ. නමුත් අපේ රටේ මේ නිතිය ටිකක් වෙනස්ය. බොහොමයක් ස්ථානවල විදේශිකයන්ට එක් මුදලක්, ලාංකිකයන්ට තවත් මුදලක් ලෙස අයවේ. බස් රථ වලද මේ ආකාරයෙන්ම සිදුවනවා අපි බොහෝ ලෙස දැක ඇත.

පසුගියදා බස් රථ අංකය – ND 5998 වන බස්රථයේ කොන්දොස්තර විසින් ඔවුන්ගේ බසයට ගොඩ වූ විදේශිකයන් දෙදෙනුක්ට, රු.50 හේ ටිකට්ටුව වෙනුවට රු.200 ක් අය කිරීම පිළිබඳව සිදුවූ සිදුවීමක් තරුණයෙක් මෙසේ සටහන් කර තිබුණි,

” බස් රථයේ අංකය – ND 5998. මේ ගුවන්තොටුපළ -කොළඹ බස් රථයේ අද හවස 5ට පමණ සිදුවූ සිදුවීමක්.මෙම කොන්දොස්තර මෙම විදෙස් කාන්තාවන් දෙදෙනාගෙන් රුපියල් 200ක් අය කරා. සාමාන්‍යයෙන් ගාස්තුව එක් අයෙකුගෙන් රුපියල් 50ක් පමණ තමයි වන්නේ කොටුවේ සිට ගුවන්තොටුපළ වෙත. මෙහිදී මෙම කොන්දොස්තර මෙම මගීන්ගෙන් මුදල් ඉල්ලුවේද කපුවත්ත සහ ජාඇල අතරදීයි.

මෙම විදෙස් කාන්තාවන් දෙදෙනා පුන පුනා කීවත් රුපියල් 200ක් නොවේ රුපියල් 100ක් ප්‍රමාණවත්් කියා කොන්දොස්තර කනකට වත් ගත්තේ නැහැ . පසුව එම කාන්තාව ටිකට්පතක් ඉල්ලුවත් ඔහු ලබාදුන්නේ නැතිව මගහැර ඉදිරියට ගියා.මා එම අවස්ථාවේදී මෙය වීඩියෝ ගත කර සිටියා මිසක කොන්දොස්තර වරයාට දොස් තැබුවේ නැත්තේ ඔහු මගේ අතින් මැරුම් කයි යන බයටයි.

මම බසයෙන් බැස මේ ගැන බස් රථ සම්බන්ධ හිමිකරුවෙකුගෙන් විදෙස් සංචාරකයන් සදහා සාමාන්‍ය බස් රථ වල වැඩිපුර අය කරගන්නවාද යන්න විමසා බැලූ අතර ඔහු කියා සිටියේ එම කොන්දොස්තර වැරැද්දක් කර ඇති බව. මෙය route permit එක සම්බන්ධයෙන් පවා බලපෑමක් කල හැකි බව ඔහු පැවසූවා.”

උපුටාගැනීම අවසන්,
මෙම සිද්ධිය බැලීමේදී අපට එහිදී විදේශික කාන්තාවට සිදුවූ අසාධාරණය මානව අවබෝධ කරගැනීමට හැකිය. මෙලෙස දිගින් දිගටම සිදුවීමෙන් වන්නේ, ශ්‍රී ලංකාව ට විදේශිකයන් පැමිනීමේදී ලැබෙන විදේශ විනිමය දිනෙන් දින අභාවයට යාමයි.

මෙම සිදුවීම තවදුරටත් සිදු නොවීමට නම් මෙවැනි ක්‍රියා කරන අයවලුන්ට එරහිව නිතිය ක්‍රියාත්මක විය යුතුයි. එසේ සිදුවන තාක් කල්, මෙය ෂෙයාර් කර අනිත් අය දැනුවත් කරන්න. අප රට රැකගැනීම අපේ වගකීමයි.

Breaking News : ශ්‍රී ලංකා කණ්ඩායමේ අලුත් මෙහෙයවීම නැවත ඇන්ජිලෝට

ත්‍රිවිල් එකක් මුහුදු ගියා කිව්වොත් විශ්වාස කරනවද ? (photos )