in

බංගලාදේශ අවසන් කඩුලු 5 ලකුණු 3 කට සිමාවෙයි.

බංගලාදේශය හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරඟයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථම ඉනිමට කඩුලු 10 ක් දැවී ලකුණු 222 ක් රැස් කර ගැනීමට සමත් වූ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ බංගලාදේශ කණ්ඩායම ඊයේ (පෙබරවාරි 09) දිනයට තරඟය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 87 ක් ලබාගෙන සිටියේය.

අද දින තරඟය ආරම්භ කිරීමෙන් පසු ඉතාමත් ආක්‍රමණශීලි පන්දු යැවීමක නිරත වූ ශ්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිම ලකුණු 110 කට සිමා කිරීමට සමත් විය. මෙහි විශේෂත්වය නම්, බංගලාදේශ අවසාන කඩුලු 5 , ලකුණු 3 කට දැවී යාමයි.

අගනා පන්දු යැවීමක නිරතවූ අකිල දනංජය ලකුණු 20 කට කඩුලු 3 යි, සුරංග ලක්මාල් ලකුණු 25 ට කඩුලු 3 යි. පිළිතුරු ඉණිම ක්‍රීඩාකරන ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමට කිසිඳු කඩුල්ලක් නොදැවී ලකුණු 5 ක් ලබාගෙන ක්‍රීඩා කරමිනි සිටිති. අද තරඟයේ දෙවන දිනයයි.

නුදුරේදීම “ලංකා ප්‍රිමියර් ලීග්” නමින් විස්සයි20 තරගාවලියක් – තිලංග සුමතිපාල

අද අර්ධ ශතකයක් ලබාගත රොෂේන් සිල්වා නව වාර්තාවක් තබයි.