in

පොඩි ළමයින්ට ඡන්ද බලය තිබ්බා නම් මුං මොනවා කරයිද? ෆේස්බුක් තරුණයෙකු තැබූ අපුරු සටහන

පොඩි ළමයින්ට ඡන්ද බලය තිබ්බා නම් මුං මොනවා කරයිද? –

1) මයෙ උම්මු කැටේ … මුම්මු පැට්ටා…..පැට්ටො මේ මාමිත දෙනව නේද ඡන්දෙ…??….මයෙ බබ්බුවා එදා උදේට දූවලා දූවාල ගීල්ලා, කොට්ටෝරුවා ලකුණ බලලා, එතනින් මීම මීම තූත්තං කතිලයක් ගාලා දෙනව නේද?……”

2) ” කෝ බලන්න ඔන්න නැන්දි බෝලෙ දානවා…..චූටි දූ හයියෙන් පාරක් ගාන්න ඕන….. ඔන්න ඔන්න ඔන්න…..හලී…. ලකුණු හයායි……..එදාට මයෙ දෝණි හයට නේද වැරදි ලකුණ දාන්නෙ…..?”

3) “කෝ බලන්න මයෙ පුතුට අංක දොළහට ගණින්න පුලුවන්ද කියල…… ඔන්න අත් දෙක මෙහෙම අල්ලන්න…. ඔන්න එක ඇඟිල්ලක් නැව්වා…… ඔන්න දෙකයි…..ඔන්න තුනායි….ඔන්න හතරායි…..ඊළඟට කීයද?…… කීයද පුතු…?…. පහායි…පහයි නේද…… දස්ස කොලු බණ්ඩියා….. ඊළඟට…. හයායි……….ඊළඟට…. අර්…..මේ….මේ…..මේ… ඕයි ජිනේ! මෙහෙ වරන් ! හය ගාවට කීයද බං? (” හතනෙ සර්” ) …. ආ …ඔව්…. ඔන්න හතායි…..”

4) ” ඔබේ දුවා දරුවන් රැගෙන වැව් ඉස්මත්තේ පිටියට එන්න….. ලිස්සන බෝට්ටු…. කතුරු ඔන්චිල්ලා……මැජික් සංදර්ශණ……ළමා ගීත ඇතුළු වැඩසටහන් රැසක්…..”

5) ( පොකට් මීටිමක් ) ….. ” කෝ අත් තියන්න මෙහෙම….. ඔන්න….. අතුරු මිතුරු දඹදිවතුරු රාජ කපුරු සෙට්ටියෝ…..”

6) ” අජියා…..!…..අර රිදීගමට යවන චොකලට් ලොරි දෙක ආවද?….. රායිට්…….හෙලෝ……?….. මදනායක මහත්තයා……කෝ අපේ අයිස් පැකට් ….?…….හරි හරි කමක් නෑ…….ලොලි පොප් පෙට්ටි කීයක් තියෙනවද ඔතන…….?”

7) ” හෙට උදෑසන හතේ සිට නොකඩවා පැය විසි හතරක් දොස්තර හොඳ හිත, හා හා හරි හාවා, ඇතුළු කාටුන් රැසක් අති විශාල පුළුල් තිර වලින්, මෙම ස්ථානයේදී”

8) ” අද මධ්‍යම රාත්‍රියේ සිට සියළු ආනයනය කරන ලද ළමා ක්‍රීඩා භාණ්ඩ වලට අය කෙරෙන තීරු බදු සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට…….”

9) “…. ලස්සන ඇඳුම හැඩයි කදිමයි…… රබන් ගසයි ගෙජ්ජිද සොළවයි……. මේ එන්නේ අපෙ ඇමති තුමයි…..”

10) ” කෝ පුතූ…… කොහෙද දුවන්නෙ…….?…….මේ බලන්න ෂෝක් බස් එක…….ඈං ඈං බූම් බූම්…..ඈං……එපාද?……එහෙනන් මේක කෝමද?….. මේකට මෙහෙම කැප් රෝල දාලා….. ඔන්න බලන්න “ඩිෂුම් ඩිෂුම්” ……..ආසයි නේ……?……බලන්න මේ මෙතන ඉන්න මාමිගේ අතේ තියෙන එක වගේමයි ඕකත්………කෝ බලන්න මේක මෙහෙම දාලා…..තොප්පිය දාලා…..ෂා …. කව් බෝයි වගේ….. ස්වීට් අනී…. ෆොටෝ එකක් ගන්න අපි දෙන්න තියලා……. ඔන්න පුතු නැන්දිව අමතක කරන්න එපා…….දන්නවනෙ කොකා….කොකා තෝයි…..!…. තෝයි නේ….?…..කොකා ඉස්සරහින් තමයි මයෙ පුතු වැරදි ලකුණ ( x ) අඳින්නෙ…… ”

11) ” තරුෂි බබා…..දෝණි…….ආ මේ ඉන්නෙ….. දුවා ….මමයි තාත්තියි ටවුමට ගිහින් එනවා…… දිලිණි අක්කලත් එක්ක සෙල්ලම් කරන්න යනව නම් ලිසි නැන්දට කියල යන්න…… ඔය සුදු පාට සරම්, ෂර්ට් ඇඳපු මෙන්න මේ කාඩ් එකේ ඉන්න මාමා වගේ මාමල ආවොත්, ඔය ගොල්ල දුවලා ගිහින් ලිසි නැන්දගෙ ගෙදරට වැදිලා දොර වහගන්න…… මොනව කිව්වත් අරින්න එපා දොර…… තේරුණාද…..?……. මැගී…!!…..එක එක දේවල් ගෙනාව කියයි….අරින්නෙ එහෙම එපා……. බේබි ගැන හෝදිසියෙන් ඉන්න……..දන්නවෙන් මුන්ගෙන් බේරිල්ලක් නෑනෙ මේ කාළෙට……දරුවෙක් දාල යන්න බයයි…….”

12) ” මොන්ටිසෝරිය අසළ ගැටුමෙන් දෙදෙනෙකු රෝහලේ…….බෙදමින් සිටි දුඹුරු පැහැති පීත්ත පටි එල්ලූ ටෙඩී වළසුන්ට මැරයෝ ගිනි තබති….. කම්පනයට පත් දරුවන්ද රෝහලේ……”

13) ” කෝ බලන්න ඒ මාමිලා දීපු චොකලට්…….. ඊයා….. ජරාව…… කෑවද?…… තූ දාන්න තූ දාන්න…… චික්… කන්න එපා……බණ්ඩිය ඌයියා වෙයි….. මෙන්න අපි ගෙනාවා බබාලට ස්විට්සර්ලන්තෙ චොක්ලට්…… මේ …. අර මාමිලා දීපු ඒවා වගෙද මේවා…..?”

14) ” බබාට ඔන්චිල්ලාවක්ද බැඳලා ඕන…..?……පද්මේ මේක අල්ලගනින්….. ඔන්න මාමි ගහට නැගලා කඹේ ගැට ගහනවා…….ඔන්න….. බුදු අම්බෝ…..අම්බෝ කොන්ද…… පද්මේ මගේ කොන්ද ඉවරෝ……!…..
( “අම්මේ ….. අර සුදු ඇඳගෙන ආපු මාමි ගහෙන් වැටුණෝ” )…… ”

15) ” කුඩා දරුවන් පිරිසක් සමග හැංගි මුත්තන් කෙළීමට ගිය අපේක්ෂකයා හබරළ ගාළක සිටි නාගයෙකු දෂ්ඨ කිරීමෙන් මරුට…….”

16) ” එන්න පුතාලා අද ඉස්කෝලෙ යන්නෙ අන්කල්ගේ ප්‍රාඩෝ එකේ…… එන්න අපි යමු….. මේ බලන්න මේකෙන් තමයි ඇතුල කූල් කරන්නෙ……ඒකට කියන්නෙ ඒ.සී කියලා……. වීරෙ….!….ඔය පොඩිම එකාව ඔඩොක්කුවෙන් තියාගෙන ඩ්‍රයිව් කරපන්……!….. අපි සින්දුවක් දාමුද…..?….. අර සී.ඩී එක කෝ….?…… “කොන්ද නමාගෙන හැරමිටි ගහගෙන…..”

17) ” පුතේ…….මේ සල්ලි තියෙන අන්කල්ලා ඇන්ටිලා කියන දේවල් වලට මයෙ පුතාලා රැවටෙන්න එපා…… ඒ ගොල්ල නිසයි පුතාලා අද මේ වගේ පොඩි ගෙදරක ඉන්නෙ……. අපි ඒ ගොල්ල එලවලා, ඒ සල්ලි වලින් පුතාලට හොඳ ගෙයක් හදල දෙනව…… මේ බලන්න මේ පොතේ කවරෙ ඉන්න මාමි….. ෂෝක් රැවුලක් තියෙන මාමි කෙනෙක් ඉන්නෙ….. ඒ තමයි කාල් මාක්ස් මාමි……..කවුද?…… කාල් මාක්ස් මාමි……”

18) “පුංචි අපේ කෝච්චිය ” අනුරාධපුරයේ දරුවන්ට කොළඹ සවාරිය….. සාදර අනුග්‍රහය “අහවල් මැතිතුමා” …… දෙහිවල සත්තු වත්ත, කොළඹ වරාය, කටු ගෙදර, ග්‍රහලෝකාගාරය……..

 

උපුටාගැනීම : දමිත් ඛේතක සොහොයුරාගෙන් ( අවසරය මත )

ත්‍රිවිල් එකක් මුහුදු ගියා කිව්වොත් විශ්වාස කරනවද ? (photos )

මොකක්ද මේ බැඳුම්කරය කියන්නේ ? මෙන්න සරල පැහැදිලි කිරීමක්