in

පාලකයින්ගේ කෙරුවාව නිසා ශ්‍රී ලංකා යොවුන් පිළට සිදුවූ අසාධාරණය මෙන්න .!

පසුගිය දා මැලේසියාවේ පැවති ආසියානු කුසලාන යොවුන් ක‍්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඉවත් වීමට සිදුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායම භාරව සිටි නිළධාරියෙකුගේ නොසැලිකිල්ල නිසා බව වාර්තා වෙනවා,
තරගාවලියේ මුලීක වටයේ එක් කණ්ඩායමකට තරග තුනක් ලැබි තිබූ අතර දක්ෂ යොවුන් ශ්‍රී ලංකා කණ්ඩායම මුල් තරග දෙකම ජය ගැනීමට සමත් වුනා, පසුව තරගාවලියේ ශූරතාවය දිනු ඇෆ්ගණිස්ථාන කණ්ඩායම පවා පහසුවෙන් පරාජය කිරීමට එහිදි ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

මෙලෙස ශ්‍රී ලංකා යොවුන් පිල පළමු තරග දෙක ජය ලැබීමෙන් පසුව , කණ්ඩායම භාරව සිටි නිළධාරියෙක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ඇති බවට උපකල්පනය කරමින් පාකිස්තානයට එරෙහිව පැවැති පළමු වටයේ අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ප‍්‍රබල ක‍්‍රීඩකයන් විවේක ගන්වා කණ්ඩායම දුර්වල කර තිබෙනවා.

මෙහිදි මෙම නිළධා‍රියා විසින් ශ්‍රී ලංකා යොවුන් පිලේ අත්දැකීම් ඇති ක‍්‍රීඩකයන් වන කඩුලු රකින ක‍්‍රීඩක ක‍්‍රිෂාන් සංජුල සහ තිසරු ඩිල්ෂාන්, පාකිස්තානයට එරෙහිව තරගයේදී විවේක ගැන්වූ අතර වමතින් වේගපන්දු යවන කලන පෙරේරා එම තරගයට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටිය ද අවසන් පූර්ව තරගයට ක‍්‍රීඩා කිරීමට යැයි පවසමින් ඔහු විවේක ගන්වා තිබිණි.

ප්‍රබල ක්‍රීඩකයන් රහිතව පාකිස්තානය සමග තරගය ක්‍රීඩා කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම එම තරගය පරාජය වූ අතර ඇෆ්ගනිස්තානය පළමු වටයේ අවසන් තරගයේදී එක්සත් අරාබි එමිර් රාජ්‍ය පිල පරාජය කිරීමත් සමඟ ශ්‍රී ලංකාව, පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය තරග දෙක බැගින් ජය ලබා සිටීම නිසා ශුද්ධ ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවට ඉවතට විසිවිය.

තරගාවලියේ දක්ෂතම කණ්ඩායම ලෙස නම් දරා සිටි , තරගාවලියේ ශූරයන් වූ ඇෆ්ගණිස්ථාන කණ්ඩායම පවා පහසුවෙන් පරාජය කළ ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම , ආසියානු කුසලාන තරග මාලාවේ පළමු වටයෙන්ම ඉවත් වන්නට සිදු වූයේ එලෙස එක් නිළධාරියෙකුගේ නොසැලිකිල්ල නිසා බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ සිටින ක‍්‍රීඩාලෝලීන් පවා තරගාවලියේ ප‍්‍රසාද ලකුණු පුවරුව පිළිබඳව අවබෝධයෙන් සිටියදී ශ්‍රී ලංකාවේ නමක් දිනා සිටින අත්දැකීම් සපිරි නිලධාරියකු වෙතින් මෙවැනි අතපසුවීමක් වීම වඩාත් බරපතළ සිද්ධියකි.

ශ්‍රී ලංකා යොවුන් පිල ලබන පෙබරවාරි මස නවසීලන්තයේදී පැවැත්වෙන යොවුන් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීමට නියමිතය. මෙම නිලධාරීන් එම තරගාවලියේදී ද මෙවැනි නොසැලිකිලිමත් ලෙස කටයුතු කළ හොත් එම තරගාවලියේදීද ශ්‍රී ලංකාවට හිමි වන්නේ තවත් පරාජයක්ම පමණක් බව සිදුවීම සම්බන්ධයෙන් අදහස් දක්වන ක්‍රීඩා විචාරකයන් අදහස් දක්වනවා.

අපේ මිනිස්සු ගාව අපේ මිනිස්සුන්ට නැති මනුස්සකම නවසීලන්තයේ ප්‍රාන්තයකින් ආපු හැටි

බ්‍රිතාන්‍යයේ හැරි කුමරු විවාහ වීමට යන ඇමරිකාවේ ටෙලිනාට්‍ය නිළිය මෙන්න