in

නුදුරේදීම “ලංකා ප්‍රිමියර් ලීග්” නමින් විස්සයි20 තරගාවලියක් – තිලංග සුමතිපාල

“ලංකා ප්‍රිමියර් ලීග්” නමින් විස්සයි20 තරගාවලියක් නුඳුරේදීම පවත්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල පවසනවා. නිදහස් කුසලානයට අදාළව කොළඹදී අද (08දා) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකාව බංගලාදේශය හා ඉන්දියාවේ සහභාගීත්වයෙන් නිදහස් කුසලාන විස්සයි 20 තරඟාවලිය ලබන මාර්තු 6වනදා ආරම්භ වන අතර එහි අවසන් තරඟය මාර්තු 18දා පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟාවලියට එක්වීම එකඟතාව පළකිරීම පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයා ඉන්දියාවට හා බංගලාද්ශයට ස්තුතියද පුදකළා. එසේම මෙම තරඟාවලිය ඉන්දියාවේ පමණක් රූපාවාහිනි ප්‍රෙක්ෂකයන් මිලියන 87ක් නරඹනු ඇති බවද සඳහන් වුණා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීගය (SLPL) නමින් විස්සයි 20 තරගාවලියක් 2012 දී පැවැත්වූ අතර පසුව විවිධ ගැටලු නිසා එම තරගාවලිය නොපැවැත්විණ. නමුත් ලංකා ප්‍රිමයර් ලිග් තරඟාවලිය අකණ්ඩව සෑම වසරක පැවැත්වීමට කටයුතු කරන බව හෙතම පවසා සිටිහය.

සංගාගේ ට්විටර් පණිවුඩය වැරදියට තේරුම් ගත් හැමෝටම සංගාගෙන් සැර ප්‍රකාශයක්

බංගලාදේශ අවසන් කඩුලු 5 ලකුණු 3 කට සිමාවෙයි.