in

කාගේත් අවධානය දිනාගත් හොංකොං ගිහින් සංගා ගහපු සුපරි ඉනිම (video)

“හොංකොං බ්ලිට්ස්” විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ ඊයේ (9 වැනිදා) පැවැති තරගයකදී හුංහොම් ජගුවර්ස් කණ්ඩායමට එරෙහිව වේගවත් ලකුණු 92 ක් රැස්කිරීමට ගැලැක්සි ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායක කුමාර් සංගක්කාර සමත් විය. එම තරගයෙන් ග්ලැඩියේටර්ස් කණ්ඩායමට ලකුණු 6 ක තියුණු ජයක් හිමිවිය.

පන්දු 42 කට මුහුණදුන් සංගක්කාර, හයේ පහර 4 කින් සහ හතරේ පහර 11 කින් සිය අර්ධ ශතකය සම්පූර්ණ කළ අතර කයිල් ක්‍රිස්ටිගේ පන්දුවක් හමුවේ ජොහාන් බෝතා අතට උඩ පන්දුවක් දෙමින් ශතකය පෙනි පෙනි ඉතා අවාසනාවන්ත ලෙස දැවී ගියේය.

සංගාගේ සුපිරි ඉනිමේ විඩීයෝව පහතින් ,

තම මංගල ටෙස්ට් තරඟයේ කඩුලු 8 ක් දවාලමින් අකිල ධනංජය වාර්තාවක් තබයි

“ඡන්දය දාන්න ගියහම මං මැරිලා කියලා මට ඡන්දේ දාන්න බැහැ කිව්වා”