in , , ,

එදිනෙදා අන්තර්ජාලයේ දකින meme මුහුණු පිටුපස සැඟවුණු අමුතුම කතා

අන්තර්ජාලයේ අපි සැරිසරනකොට විවිධ Memes දැකලා හිනා වෙලා අපේ කාලේ වරු ගණන් පොඩි ඉලෙක්ට්‍රොනික උපකරණ ඔබ ඔබ ගෙවලා දාලා තියනවා.

ඒ අතර සාමාන්‍ය සමහරක් මිනිස්සුන්ට අසාමාන්‍ය ජනප්‍රියත්වයක් ලැබෙන්නේ එයාලගේ මුළු ජිවිතයම් වෙනස් කරමින්.

අපි අද අවධානය යොමුකරන්නේ, එසේ සමහර හාස්‍ය සඳහා යොදාගත් පින්තුරු වල සිටි අය දැන් ඉන්න විදිහ ගැන. මේක නම් අදහාගන්න බැරි වෙයි.

 

1) සාර්ථක ළමයා
Sammy Griner නම් හඳුන්වන මෙම ළමයාගේ පින්තුරයක් ඔහුගේ වයස මාස 11 වන විය සැමිගේ මව විසින් අන්තර්ජාලයට එකතු කර තිබෙනවා. ඒ පින්තුරය ඇත්තටම කොච්චර ජනප්‍රිය වුනාද කියනවා නම්, සාමිගේ පියාගේ වකුගඩු බද්ද කිරීමේ ශල්‍යකර්මය සාර්ථක කරගැනීමට තරම් මුදලක්ද උපයා දී තිබෙනවා. මේ තමයි ඒ පින්තුරය සිටි සැමි අවුරුදු 10 කට පස්සේ ඒ කියන්නේ දැන් ඉන්න විදිහ

 

2) ව්‍යසන කෙල්ල
ඇත්තටම මේ පින්තුරය දැක්කහම නම් හිතෙන්නේ මේ කෙල්ල ගෙදර ගිනි තියලා සෙල්ෆියක් ගත්තා වගේ. ඒත් Zoe Roth නම් මෙම කුඩා ළමයා ඒ කාලයේ තමන්ගේ ප්‍රදේශයේ පැවති ” හදිස්සි ගින්නකදී තම ජීවිතය බේරා ගන්නේ කෙසේද ” යන පුහුණු සැසිවාරයක් යන අතර තුර ගත පින්තුරයක්. කට්ටිය කියනවා වගේ ඇත්තටම නම් ඇයට එහෙම පිස්සුවක් නෑ. මේ තියෙන්නේ ඇය දැන් ඉන්න විදිහ

 

3) Scumbag Steve
මෙම පින්තුරය Blake Boston ගේ මව විසින් චායාරුප ගත කර ඇති අතර පසුව ඔහු Scumbag Steve ලෙස අන්තර්ජාලය තුල ජනප්‍රිය වී ඇත. මේ ඔහු දැන් ඉන්න විදිහ

 

4) අධික බැඳීමක් තියන පෙම්වතිය
Laina Walker නම් මෙම කාන්තාව දවසක් ජස්ටින් බිබර්ගේ අලුතින් රිලීස් වුන සිංදුවකට ඇගේ මෙම පින්තුරය කමෙන්ට් කර පැය කිහිපයක් යන්නට මත්තෙන් ඇය අන්තර්ජාලය තුල ප්‍රසිද්ධියක් ලබාතිබෙනවා. එයට හේතුව නම් ඇගේ ඇස්වලින් නිරුපනය වන අමුතුම ආලය නිසා බවයි සඳහන් වන්නේ. මේ තියෙන්නේ ඇය දැන් ඉන්න විදිහ

 

5) අවාසනාවන්ත බ්‍රයන්
Kyle Craven නම් මොහුගේ මෙම පින්තුරය අරන් තියෙන්නේ ඔහු පාසැල් යන කාලයේදී. මෙම පින්තුරය ගන්නට හේතු වෙලා තියෙන්නේ මොහුගේ පන්තිභාර ගුරුවරිය හිතලා තියෙන්නේ මොහු ඕනෑකමින් මේ තමන් දෙස බලමින් විරිත්තනවා කියලා. පසුව තමයි තේරිලා තියෙන්නේ ඒ ඔහුගේ සාමාන්‍ය හැටි බව. මේ ඉන්නේ ඔහු

 

6) “Ermahgerd”
Maggie Goldenberger නම් මැය වෘතිමය හෙදියක්. හැබැයි ඇගේ මේ පින්තුරය පිටුපස ඇති කතාව ගෙතෙන්නෙ මේ හැමදේටම කලින්. ඇගේ මෙම උනන්දුව උපදවන මුහුණ සහිත පින්තුරය පසුකාලෙක අන්තර්ජාලය තුල සීග්‍රයෙන් ජනප්‍රිය වී තිබෙනවා. මේ ඉන්නේ ඇය ( මේක නම් කට්ටිය වැඩිය දන්නේ නැති එකක්.මොකද මේක ගොඩක්ම use වෙන්නේ කඩ්ඩෙන් හදන memes වල)

 

7) වපරඇස් Chloe
Chloe නම් මෙම කුඩා දැරිය ඔවුන් දවසක් ඩිස්නිලන්තයට යන අතර තුර අගේ සහෝදරිය සතුටට කෑ ගසමින් හඬාවැළපෙනු දැක, එම අවස්ථාවේ ඇගේ සොහොයුරිය මොකක්ද මේ වෙලා තියෙන්නේ කියලා ඇය අමුතු විදිහට මෙහෙම බලලා තියනවා. Chloe කියන්නේ මෙච්චර පොඩි දෙයකට ඇය මොකද ඔහොම කෝලම් කරන්නේ කියලා. ආතල් මේක නම්. මේ ඉන්නේ ඇය

 

8) අසතුටට පත් McKayla
McKayla වගේ අසතුට පත් හැඟීමක් අන්ගේ මුහුණෙන් ඉදිරිපත් කර ඇත්තේ ඔලිම්පික් තරඟයක රන් පදක්කම දිනන්න අවස්තාව තිබ්බ ඇය රිදී පදක්කමක් දිනාගත් නිසාවෙනි. දුකට කරුණ නම් ඇය ලබාගත් එම ජයග්‍රහණයට වඩා ජනප්‍රියතාවක් ලැබී තිබුනේ ඇගේ මෙම හැඟීම් ඉදිරිපත්කල චායාරූපයටයි. මේ තියෙන්නේ ඇය දැන් ඉන්න විදිහ පෙන්නන පින්තුරයක්

 

9) වරදකාර කෙල්ල
මේක එක්තරාකාරයක රැවටීමක්, හැබැයි අන්තර්ජාලය එය පිළිගෙන තිබෙනවා. මේ ඉන්නේ Mia Talerico නම් කුඩා දැරිය. Good Luck Charlie නම් එකතරා වැඩසටහනක් රූගත කිරීම් කරන අතරතුරයි මේ පින්තුරය අරන් තියෙන්නේ. හැබැයි ඇය නොසිතු ජනප්‍රියත්වයක් එයින් ඇයට ලැබී තිබෙනවා. මේ ඉන්නේ ඇය

 

මෙම පින්තුරවලින් විවධ ආතල් memes හැදුනත්, එව්වා පිටිපස සැඟවී තිබුණ කතා ටික ඔන්න ඕකයි. ඇත්තටම අපිට මේක දැනගන්න ලැබුනෙත් thiswillblowmymind.com වෙබ් අඩවියේ පලවී තිබු පුවත්පතක් හරහා. ඉතින් ලංකාවේ අපේ කට්ටියත් දැනගතහොත් හොඳයි කියලා හිතුන නිසා අපිට මේක සිංහල භාෂාවට පරිවර්තනය කරන්න හිතුනා.

සංහිඳියාව සනිටුහන් කරමින් ජාතික ඉෆ්තාර් උත්සවය ජනපති ප්‍රධානත්වයෙන්

ලොව ජනප්‍රියම ගීතය වූ “Gangnam style” වලට වඩා ජනප්‍රිය වන අලුත්ම ගීතය “Despacito”