in

ඇතිවී තිබන අයහපත් කාලගුණය නිසා දේපළ රැසකට අලාභ හානි. නවතම තත්වය මෙන්න (photos)

ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ ගණනාවක මෙන්ම කොළඹ ප්‍රදේශ කිහිපයකට ද බලපා ඇති තද සුළං නිසා ගස් කඩාවැටීම් රැසක් වාර්තා වී තිබේ.

තද සුළඟින් ගස් කඩා වැටීම නිසා මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනාගමනය ඇනහිට ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. මේ නිසා දුම්රිය මගීහු රැසක් දැඩි අපහසුතාවට පත්ව සිටිති. මේ වන විට මුහුදුබඩ මාර්ගයේ දුම්රිය තුනක් අතර මඟ නවතා ඇතැයි දැනගන්නට ඇත.

ප්‍රදේශ රැසකින්ම විදුලිය ඇනහිටීම් වාර්තා වේ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමනාගමනය ද අඩාල වී ඇත. කොළඹ ප්‍රදේශ රැසකද ගස් කඩාවැටීම නිසා මාර්ග අවහිර වී ඇතැයි අපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.

හෙට දිනයේද තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ දකුණ, සබරගමුව, මධ්‍ය‍යම සහ බස්නාහිර පලාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර 150 වැඩි වර්ෂාපතනයක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

අනෙකුත් ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට ඇද හැළෙන වර්ෂාපතන අගය මිලිමීටර 100 ඉක්මවා යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව කියා සිටියේ. මේ පිළිබඳව විශේෂ නිවේදනයක් නිකුත් කළ ආපදා කළමනාකරන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ සිය නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් පසුවන ලෙසයි.

අයහපත් කාලගුණික තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව “රතු නිවේදනයක්” නිකුත් කර ඇතැයි පැවසු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ කඳුකරයේ හා ගංගා දෙපස වෙසෙන ජනතාව විශේෂ අවධානයකින් පසුවිය යුතු බවයි.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි, තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ සහ දිවයිනේ තද වැසි මෙන්ම විටින් විට හමන තද සුළං පැයකට කි.මී. 70 – 80ත් තවදුරටත් බලාපොරොත්තු විය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයින ආශ්‍රිතව පැවති අවපීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බවත් එය තවදුරටත් වර්ධනය වෙමින් දකුණු දිග වෙරළ ආසන්නයෙන් දිවයිනෙන් ඉවතට ගමන්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව එ් නිවේදනයේ සඳහන්.

මේ හෙතුවෙන් ධීවර ජනතාවට මෙන්ම නාවිකයන්ට දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.

 

” අද මම මේ ගමේ යන ගමන්. මගෙත් අම්මා නෑ මල්ලි ” – මුළු බසයටම ආදර්ශයක් වුනු තරුණයා

කෙන්යාවේ පෙර සූදානම සහ අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන ලංකාවේ නොසැලකිලිමත් බව