in

ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය නොවේ. එය ආත්මීය සම්බන්ධතාවයක්

2004 දී මගේ වයස අවුරුදු 17 යි. දිනක් මම දැක්කා නවක දැරියක් අපේ පන්ති කාමරය ඉස්සරහින් යනවා දැක්කා. මට ඈ දිහා දිගටම බලන් හිටියා. මම කවදාවත් ඇය වගේ කෙනෙක් දැකලා නැහැ. කාලයත් සමඟම අපි හොඳ මිතුරන් බවට පත් වූ නමුත් වෙනත් කෙනෙකු සමඟ ඇය සිටිනු දුටු සෑම මොහොතකම මගේ හදවත කම්පනයට පත් වුනා.

වැඩි කල් යන්න කලින් මම ඇය සමඟ කතා කරන එක නතර කළා. ඇය මම ඇයි කතා නොකරන්නේ කියන බව දැනන් හිටියේ නැහැ. විභාගයෙන් පසු ඇය කතා කිරීමට අවශ්ය බව පවසමින් ඇය මගේ පොත පිරිවෙන්න පණිවුඩ ලියා එවූ නමුත් එය කිසි විටෙක සිදු නොවිය. මම විශ්ව විද්‍යාලයට ගියා, නමුත් ඇය වගේ තවත් කෙනෙක් හමු වුණේ නැහැ. ඇයද බංගලාදේශයට ගියා.

2007 දී මගේ උපන් දිනය දවසේ මට ඇමතුමක් ලැබුණා. එම කටහඬ තුලින් ඒ සුනීතා ලෙස හඳුන්වනු ලැබීය. මගේ හදවත 17 හැවිරිදි වියේදී මා ඇයව දකින කාලයේ මෙන් ගැහෙන්න විය. මෙම ඇමතුම විනාඩි දෙකක් පමණක් පැවතුණා. නමුත් මට එය සදාකාලික විය. අපේ කාර්යබහුල ජීවිතයත් එක්ක අපි එකිනෙක කතා කලේ කලාතුරකිනි.

2011 නොවැම්බරයේදී මට සුනීතාගේ ෆ්‍රෙන්ඩ් ලිස්ට් එකේ ඉන්න මිතුරෙකුගෙන් හදිසියේම ඇමතුමක් ලැබුනා.ඇය පැවසුවේ සුනීතා අනතුරකට මුහුන දී ඇති බවයි. එම අවස්ථාවේ ඇය සිටියේ කොයිම්බතුර් වල. මම ඇයව හමුවීමට යායුතුද? එය එච්චරම හොඳ නැති දෙයක් වනු ඇතැයි සිතා මම දින දෙකකට පසුව ඇයට ඇමතුමක් ගත්තා.

දුරකථනය ඇය පිළිතුරු දුන්නත් මට ඒ කටහඬ අඳුනගන්න බැරි වුනා.පසුව මම ඇයව බැලීමට ගිය විට, හිසකෙස් නැති, විකෘති වූ මුහුණක් සහිත, නාසයක් නැතිව, කට සහ දත් බිඳී 90 හැවිරිදි මහලු කාන්තවක් ලෙස ඇවිදින කෙනෙක්ව දැක්කා. මම පුදුමයට පත් වුණා. මම බිඳ වැටුණා. එතකොට මට තේරුණා මම එයාට ආදරෙයි කියලා.

එදා රෑට මම එයාට කෙටි පණිවුඩයක් යැව්වා. “ඔයාව බලාගන්න පුළුවන් එකම පුද්ගලයා මම. මම ඔයාට ආදරෙයි. අපි විවාහ වෙමු.” කියලා මම කිව්වා. ඇය මට එවලේම ඇමතූක් ලබාගත් අතර මම නැවතත් ඇයට යෝජනාව ඉදිරිපත් කළා. ඇය හිනා වුනත් ඇය බැහැ කිව්වේ නැහැ. මුලදී මගේ අම්මා කම්පනයට පත්වූ නමුත් මගේ තාත්තා මගේ පිටුපසින් සිටියා. අවසානයේදී මගේ දෙමව්පියන් මාත් එක්ක හැමදේටම හිටියා.

2012 ජනවාරි මාසයේ සිට, මම ඇගේ සියලුම ශල්‍යකාර්ම සිදු කරන විට ඈ සමගම සිටි අතර, ඇය ICU හි පසු පසු අවදි වූ විට ඇය දෙසම බලා සිටියෙමි. අපි එකට ජීවත් වීම ගැන ගොඩාක් දේවල් සැලසුම් කළා. අපේ ජිවිතේ උස් පහත් වීම ආවත්
අපි ඒවා එකිනෙක පසු කර පැමිණියා. මම ඇයට අවශ්‍ය විදිහට මාව පරිණාමය කරගෙන බැංගලෝර් වෙත මාරු වුනෙමි. නමුත් මට මං ගැන ලොකු ආත්ම ශක්තියක් ඇති කරගැනීමට මේ දවල් මට උදව් වුනා.

2014 ජනවාරි 26 වෙනිදා මම පාන්දර 1 ට බැංගලෝරයට ළඟා වූ අතර මම දුටු දෙයින් තිගැස්සුනා. ඇය රෝස තුනක් රැගෙන මළුවක් අසල සිටිනු දුටුවෙමි. ඇය මට විවාහ යෝජනාවක් ඉදිරිපත් කල අතර මාත් එසැණින් කැමති වුනෙමි. එදිනම අපි එන්ගේජ් වුනෙමි.එතැන් සිට අපි අපේ විවාහය සූදානම් වුනෙමි.

ඉකමනින් විවාහය වීමට සිතුවත් බොහෝ ප්රශ්න තිබුණා. ඒ අපේ මූල්ය තත්වය නිසා. අපේ විවාහය සිදුවන දවස උදේ පාන්දර මම කොට කලිසමක් ගහගෙන ඉදිරිපිට ශාලාව අතුගාමින් සිටියේ. එතැන් සිටි සමහර අය දැන් විවාහ මංගලයකට අවශ්ය ඇයි කියලා ප්රශ්න කළා. බොහෝ පිරිස් කෙලින්ම ගිහින් ඇයට කිව්වා කසාද බැන්දට කමක් නැහැ දරුවන් හදාගන්න එපා කියලා.

මොකද ඇයගේ මුහුණේ හැඩරුව ළමයින්ටත් පැමිණෙයි කියලා. මිනිස්සු තවමත් අනුකම්පාවෙන් ඇය දෙස බලා, මම ඇයව විවාහ කර ගැනීමෙන් විශාල දෙයක් කැප කළා යැයි සිතනවා. යථාර්ථය නම්, මගේ ජීවිතයේ ආදරයට මම විවාහ වූ අතර මගේ ජීවිතය වඩා හොඳ විදිහට වෙනස් විය. අද අපිට ලස්සන දරුවන් දෙදෙනෙක් සිටින අතර උදේට අවදි වන්නේ ඔවුන් සමග.

අද මම මගේ තරුණ කාලේ ආදර කරපු තරුණියව විවාහ කරගෙන ඇත. ඇය මගේ ආදරය බවට පත් වුණා. ආදරය කියන්නේ මුහුනේ අලංකාරය හෝ බාහිර සුන්දරත්වය ගැන නොවේ. එය ආත්මීය සම්බන්ධතාවයක්. මට මගේ තීරණය ගැන සතුටුයි. මම දන්නවා ඉදිරියේදී මම ඇයට තවත් ආදරය කරන බව සහ ඒ ආදරයේ අඩුවක් නොවන බව.
ජයප්‍රකාශ්, සුනීතා, ආට්මීආ සහ ආට්මික්

photo credit goes to : Senthil Kumar
Credit goes to BeingYou facebook page and translated to Sinhala by Hamza Haniffa

ලොව ධනවත්ම කාන්තාව L’Oreal විලවුන් සහ රූපලාවණ්‍ය නිෂ්පාදන සමාගමේ උරුමක්කාරිය මියයයි

“ආයේ කතා දෙකක් නෑ මම ශනුද්‍රිව තමයි විවාහ කරගන්නේ, මම එයාට එකෙන්ම කැමතියි”