in ,

අවුරුදු 4කට පස්සේ රැවුල කැපුවේ – වස්ති අලුත්ම වීඩියෝ එක ගැන අනුෂ්ක කියපුදේ

වස්ති කියන්නේ කාලෙත් එක්කම නියම වීඩියෝ ගහන එලකිරි සෙට් එකක්. අපි කව්රුත් ඒක දන්නවනේ දැන්. වස්ති ගැන ආයේ වෙනම වෙලාවක කතා කරමු. වස්තිලගේ අලුත්ම වීඩියෝ එක ගැන අපි වස්ති Director අනුශ්ක උදාන එක්ක පොඩි චැට් එකක් දැම්මා.

අනුෂ්ක අපිට කිව්වේ ඔහුට මෙම වීඩියෝව කිරීමට මාස 9කට පෙර සිටම අදහසක් තිබු බවත්, කාලයත් සමග ඔහු මෙහි එන දෙබස් එකිනෙකට ගලපා අලුත්වැඩියා කර හොඳ සුදානමකින් මෙම වීඩියෝව කල බවයි.

 

ඊළඟට අපේ ප්‍රශ්නය වුනේ, අනුෂ්ක ඇයි මේ වගේ වීඩියෝ එකක් කරන්න තෝරාගත්තේ ?

ඔහුගේ පිළිතුරට අපි හිතපු එකට වඩා වෙනස් එකක් වුනා . අනුෂ්ක කිව්වේ දැන් ලංකාවේ  සැලූන් එකක් කරනවා කියන්නේ උසස් කුලයේ රස්සාවක් වෙලා. ඉස්සර සාමාජයේ කරනවෑමි කියන කුල තඹ සතේකට මායිම් නොකලත් අද ලක්ෂ ගණන් උපයන කුලයක් බවට පත්වෙලා.  දැන් සමාජය හැඩ ගැහිලා තියෙන්නේ වෙනස්ම විදිහකට. මාත් මේ වගේ සැලුන් නිසා  කිහිප වතාවක් අපහසුතාවයට පත්වෙලා තියනවා පුරුදු නැති නිසා. මාස 2ක් විතර මං මේ වගේ අමුතුම ඩයල් කතා කරන ස්ටයිල් එක, අඳින විදිහ, හැමදෙයක්ම එයාලගේ ෆේස්බුක් ගිණුම් වලට ගිහින් හොඳට අධ්‍යනය කළා. පස්සේ තමයි වීඩියෝ එක ගැහුවේ.

 

ඉතින් අනුෂ්ක මාස 9ක් ම ඉන්න වුනේ ඇයි ? ඔයා කිව්වා නේ වස්ති කියන්නේ ලොකුවට වියදම් කරන්නේ නැතුව සරලව වීඩියෝ කරන සෙට් එකක් කියලා.

ඔව් ඔව් බන් මේකයි සීන් එක. මන් වැඩක් කරනවා නම් කොලිටියට කරනවා, නැත්තන් නොකර ඉන්නවා. ඉතින් මගේ ඔලුවේ තිබ්බ අදහසට හරියන සැලුන් එකකුයි, ඒ විදිහට ගැලපෙන බංගලාවකුයි ලැබෙනකන් ඉවසන් හිටියා.

 

අනුශ්ක, අපි දන්නා අනුශ්ක නම් රැවුල තියන ඩයල් එකක්. අලුත් පෙනුම ගැන සතුටින් ද ?

පිස්සුද යකෝ ආයේ රැවුල වවනවා ලොවෙත්. මේ වීඩියෝ එක සුපිරියටම කරන්න ඕන නිසා අවුරුදු 4 කට පස්සේ රැවුල කැපුවේ.

 

වැඩේට අනිත් අයගේ සහය කොහොමද ?

විශේෂ ස්තුතියි අපේ වීඩියෝ එඩිටර් අමිල මල්ලිට, මාත් එක්ක ඉවසගෙන කට්ට කාල හැම එඩිට් වැඩේම මට ඕන විදිහට කරලා දුන්නා. ඒ වගේම දුලාජ් , ශර්මියා, බිනොජ් කට්ටිය බැහැලා වැඩ කරා. එයාලගේ ඔලුවේ අදහසක් තිබ්බ මං බලාපොරොත්තු වුන වීඩියෝ එක. සහ තවත් මතක් කරන්න ඕන ටික දෙනෙක් ඉන්නවා, ඒ තමයි Sound Track කරේ – Salon Bomb @Yuki records

සහ විශේෂ ස්තුතිය  Salon looks – Maharagama  – මදුක පෙරේරා, කල්දේරා වලව්ව, හසිත විජේසුරිය, නිශාදි විජේසුරිය

 

ඔවුන්ගේ මෙම ආතල් වීඩියෝව බලපු නැති අයට වීඩියෝ එක පහල දාලා තියනවා

චැම්පියන්ස් කුසලාන තරඟ ඉතිහාසයේ හොඳම හඹා යාම – Match Highlights

නවසීලන්තය පරදා බංගලියෝ ජයගනී. ප්‍රභල ඔස්ට්‍රේලියාවද Champions Trophy තරඟාවලියෙන් ඉවත්වන ලකුණු