in

අපේ මිනිස්සු ආතල් ගන්න මී මුරේ ගිහින් කෙඳිරි ගාද්දී දිනපතා හෙද සේවයට මී-මුරේ යන හෙද නිළධාරිනිය

ලංකාවේ කියන්නේ දියුණුවෙමින් පවතින රටක් ඒ නිසා මේ පුංචි රටේ තවමත් නොදියුණු ගම්මාන රාශියක් තිබෙනවා. ඒ අතරින් මී මුරේ ගම්මානය කියන්නේ සංචාරක ආකර්ශනය දිනාගත් ජන ශූන්‍ය වෙමින් පවතින සුන්දර දුෂ්කර ගම්මානයක් මෙහි තිබෙන දුෂ්කරතාවය නිසා ජීවත් වූ පවුල් රාශියක්ම ගම අත ඇරලා ගිහින් දැන් ගමේ ඉන්නේ පවුල් කිහිපයක් පමණයි.

මෙවැනි දුෂ්කර ගම්මානයක සේවය කිරීමට කිසිඳු රජයේ නිළධාරියෙකු ඉදිරිපත් වන්නේ නෑ නමුත් සියල්ලට ආදර්ශයක් වෙමින් උඩුදුම්බර ප්‍රදේශිය රෝහලේ හෙද නිළධාරිනියක් දුෂ්කතර තාවය නොතකා මේ ගමට සේවය කරනවා. ඇයගේ මෙම මහගු සේවය අගයමින් මහනුවර දිස්ත්‍රික් වෛද්‍ය වරයකු මෙසේ සටහන් කර තිබුනා සැබවින් ඇය විශිෂ්ට කාන්තවාක්. මේ ඇගේ කතාවයි

“ඇය නමින් පුෂ්පා මලර් ය. මහනුවර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර කයිකාවල හා මී මුරේ දෙකොටසේ ම්ඩ් වයිෆ් මිසි නොහොත් පවුල් සෞඛ්‍යය නිළධාරිනිය වන්නීය. වර්ග කි. මී. හැටකට අධික භූමි භාගයකට සේවය සලසන්නීය. කකුල් කෙඩෙත්තුව හැදෙනකන් ඇවිදින්නීය.

සියල්ල පිළිවෙලය. පිරිසිදුය. සිංහල බස මනාව හසුරැවන්නීය. උඩදුම්බර ප්‍රාදේශීය රෝහලට හා MOH office එකට දුෂ්කර කි.මී. තිහකට වැඩි දුරක්ය. එකම ප්‍රවාහන මාර්ගය දිනකට වරක් දුවන වෑන් රතයයි. ප්‍රාදේශීය රැස්වීමට යාමට දින තුනක් ගත වේ. ඒ යාමට දිනයයි. රැස්වීමට දිනයයි. ඒමට දිනයයි. දුෂ්කරතා එමටයි. එහෙත් ඇය ශක්ති වන්තීය. ධෛර්යවන්තීය.

පෙර වසරවල තිබූ home deliveries මෙම වසරේ නිල් කොට ඇත. ඒත් හදිසියකට සූදානම්ය. වයස 35හේ සියලුම කාන්තාවන්ට well women clinic service සපයා ඇත.
සටහන් නිරවුල්ය. දත්ත නිරවද්‍යය.
ඇය වැන්නවුන් අපේ සුව සේවාව බබලවයි.
වෛද්‍ය ඉරංග මධුෂාන්
මහනුවර දිස්ත්‍රික් මාතෘ හා ළමා සෞඛ්‍ය වෛද්‍ය ”

 

සංගාගෙන් සිය බිරිය යෙහාළි වෙත රුපියල් ලක්ෂ 38 ක් වටිනා අතුරුපසක්

කොටියා කියන්නෙ ලේසියෙන් මිනිහෙක්ට පහර දෙන සතෙක් නෙවෙයි. එහෙනම් හැටන් මොකද්ද ඇත්තටම උනේ?